IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලෙඩ වෙලා රෝහල් ගත කළ එස්.අයිට පොලිසියෙනුත් ලෙඩක්


 
(ප‍්‍රදීප් කුමාර ධර්මරත්න )   
 
අරණායක පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ   තහනම් කිරිමට කෑගල්ල සහකාර පොලිස් අධිකාරි ගාමිණී තෙන්නකෝන් මහතා පියවර ගෙන තිබේ. 
 
සහකාර පොලිස් අධිකාරීවරයා ඊයේ දහවල් අරණායක පොලිසියට පැමිණ රථවාහන අංශයේ ලිපිගොනු පරීක්‍ෂා කිරීමෙන් පසු උපදෙස් පංතියක් සඳහා පොලිස් නිළධාරීන් කැඳවා ඇති අතර එහිදී රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අදාළ උපදෙස් පංතිය සඳහා සහභාගි වී නැතැයි පොලිසිය කියයි.    ඒ පිළිබඳ සොයා බැලූ සහකාර පොලිස් අධිකාරිවරයා රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා පොලිසියෙන් බැහැර වී ගොස් ඇත්තේ රාජකාරි සටහනක් නොමැතිව බැවින් ඔහුගේ සේවය අත්හිටුවා  ඒ පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
 
සහකාර පොලිස් අධිකාරි වරයා පොලිස් ස්ථානයට පැමිණීමට පෙර රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා   පොලිස් ස්ථානයේ රැඳී සිට ඇති අතර ඔහුගේ රෝගී තත්වයකට ලබාගත් ඖෂධ ගැනීම සඳහා ස්ථානයෙන් බැහැරව නිවසට ගොස්  ඇති බවත්,  ඖෂධ ලබා ගැනීමෙන් පසු ඇති වු ක්ලාන්ත තත්වය හේතුවෙන් ඔහුට නිවසේදිම නින්ද ගොස් ඇති අතර පසුව ඔහුගේ සහෝදරයකු විසින් අරණායක රෝහලට ඇතුළත් කිරිමට කටයුතු කර ඇති බවත් දැනගන්නට තිබේ.
 
වැඩ තහනමට ලක්වූ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා උප පොලිස් පරීක්ෂකවරයකු වන අතර ඔහු පොලිස් සේවයට එක්වී ඇත්තේ 1985 වසරේදීය.  ප‍්‍රදේශයේ ජනතාව අතර ඉහමත් ප‍්‍රසාදයක් දිනා ගනිමින් කැපවී රාජකාරි කළ නිලධාරියෙකු ලෙස එම උප පොලිස් පරීක්ෂකවරයා ප්‍රසිද්ධය. ඔහු දැනට අරණායක රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර සේවය අත්හිටුවීමේ ලිපිය ඔහු වෙත ලබා දීමට කටයුතු කළ බව පොලිසිය කියයි.



අදහස් (1)

ලෙඩ වෙලා රෝහල් ගත කළ එස්.අයිට පොලිසියෙනුත් ලෙඩක්

Sathya Thursday, 28 June 2018 09:33 AM

මෙතන ඇත්ත මොකද්ද කියලා අපිට කියන්න බෑ. මේ කියන විදියට ඇත්තටම අසනීප වෙලා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහර පොලිස් නිලධාරින් කරනවා වගේ රාජකාරී වෙලාවේ පුද්ගලික වැඩ කරගන්න ගිහින් අහු උනාම හොස්පිටල් ගියාද දන්නෙත් නෑනෙ. අනිත් සේවකයෝ බෙහෙත් ටික වැඩට එද්දී අරන් එනවා මිසක් ගෙදර ගිහින් බොන්නේ, නිදාගන්නේ නෑනෙ. හිරේට ගියාමත් මිනිස්සු රෝහල් ගතවෙන එකේ, අනිත් අයට කොහොමත් පුළුවන්නේ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 447 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site