රොමේෂ් මධුෂංඛ
මල්ලාවි ප්‍රදේශයේ සිට යාපනය දක්වා බුරුත දැව කඳන් තොගයක් ටිපර් රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවෙකු කිලිනොච්චිය පූනකරි සුංගපිට්ටි පාලම ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව පූනකරී පොලීසිය කියයි.
පොලීසිය පැවසූවේ සිදුකළ හදිසි සෝදිසි කිරීමේදී ටිපර් රථයක් තුළ සඟවා බුරුත දැව ප්‍රවාහනය කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවු බවයි.
සැකකරු මෙටල් ගල් ප්‍රවාහනය කරන මුවාවෙන් බුරුත දැව කඳන් පටවා ඊට උඩින් කළු ගල් යොදා ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
පොලිසිය පැවසූවේ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා බුරුත දැව කඳන් තොගයක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරු හා බුරුත දැව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
447
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුරුත දැව ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට