ක්‍රිෂාන්ජීවක ජයරුක්
මිනිසුන් යාචකයින්ට ආධාර උපකාර කිරීම සාමාන්‍ය දෙයක් වුවත් යාචකයෙකු මිනිසුන්ට දන්සලක් දීමේ අහඹු සිද්ධියක් අද (28) මාතර නගරයෙන් වාර්තා විය.
පොසොන් පෝය නිමිත්තෙන් රෝස් පාන් , වඩේ හා කෙසෙල්ගෙඩි දන්සලක් පැවැත්වූයේ මාතර මහ නගර සභාව ඉදිරිපිට යාචකයෙකු ලෙස කටයුතු කරන අප්පුහාමී නැමැති 74 හැවිරිදි පුද්ගලයෙකි.
මතුගම පදිංචිකරුවකු වූ ඔහු තම දේපල සියල්ල නැති වී පාරට වැටුණු පසු යාචකයෙකු ලෙස සිගමනේ ඇවිද්දේය. ඔහු මීට වසර 12කට පෙර මාතරට පැමිණ තිබෙන අතර ඔහුගේ රාත්‍රී නවාතැන වූයේ මාතර දොඩම් පොලයි.
දිනපතා සිගමනෙන් ලැබෙන මුදල් ඔහු ඒ අසල සිල්ලර වෙළඳ සැලක් පවත්වා ගෙන යන ව්‍යාපාරික ඩී.පී.රණතුංග මහතාට පරිස්සම් කිරීම සඳහා භාර දී ඇත.ඒ ආකාරයට ලබා දුන් රුපියල් එක් ලක්ෂ හැටදහසක මුදලක් තමා ලග තිබෙන බව ඩී.පී.රණතුංග මහතා පැවසීය.
රෝස් පාන් , වඩේ හා කෙසෙල් ගෙඩි 2000බැගින් ඔහු අද එම දන්සලේදී ජනතාවට බෙදා දුන් අතර ඒ සඳහා රුපියල් තිස් දහසක මුදලක් වැය කර තිබුණි.
ඒ පිලිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ යාචක අප්පුහාමී මහතා මෙසේද කීය.
“දිනපතා සිගමන්යෙදීමෙන් ලැබෙන මුදල් පරිස්සම් කර ගැනීම සඳහා මම අපේ රණතුංග මුදලාලිට භාර දෙනවා. ඉන් කොටසක් මම වියදමට ගෙන තවත් කොටසක් සූදු ගහන්නත් යොදවනවා.ඔට්ටු වලින් දින්නම ලැබෙන මුදලුත් මුදලාලිට ගෙනත් දෙනවා. දැනට ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ඔහු ලඟ තිබෙනවා.හැමදාම මිනිස්සු මට සල්ලි දෙන නිසා මම හිතුවා මේ පෝයට මිනිස්සුන්ට මගෙන් කෑම වේලක් දෙන්න ඕන කියලා.බත් වේලක් දෙන්න පහසුකම් නැහැ.ඒ නිසා රෝස් පාන්,වඩේ හා කෙසෙල් ගෙඩි දෙන්න තීරණය කළා.
මේ අවට කඩවල අය තමයි මට මේ සඳහා උදවු කළේ.සම්පූර්ණ වියදම මම විසින් සිදු කළා.දන්සලට කාගෙන්වත් එකතු කළේ නැහැ.මම සිගමනේයෙදී ලැබුණු මුදල් ඔට්ටු අල්ලා දිනා ගත් මුදල් ඒ සඳහා වැය කලා.”



2025 දෙසැම්බර් මස 18
447
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතරදී යාචකයකුගෙන් රෝස් පාන් දන්සැලක්
gallage Thursday, 28 June 2018 08:41 PM
හොඳ වැඩක්. අහුවමයි..මෙවැනි දෙයක්..