හිරාන් ප්‍රියංකර ජයසිංහ
ආණමඩුව කොට්ටුකච්චිය අක්කර විස්ස ප්‍රදේශයේ 68 හැවිරිදි මවක් නිවසේ මුළුතැන් ගෙය ආසන්නයේදී ඇතෙකුගේ පහර කෑමට ලක්වී මිය ගොස් ඇති බව පුත්තලම පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්වී ඇත්තේ තිදරු මවක් වන කේ.පී.ධම්මිකා ඥාණවතී නැමති 68 හැවිරිදි කාන්තාවකි.
නිවසේ මුළුතැන්ගෙයි සිට එළියට බසිනවාත් සමඟ ආසන්නයේ රැඳී සිටි ඇතෙකු එලවා ගෙන විත් මුළුතැන්ගෙයි බිත්තිය ආසන්නයේ දී ඇත්දළ වලින් පහර දී එම ස්ථානයේදීම මරණයට පත්ව තිබු බව පොලිසිය කියයි.
ඇතාගේ දළ පහරට ලක්වු කාන්තාව පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd