IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වන අලි පහරදීමෙන් කොට්ටුකච්චියේ කාන්තාවක් මරුට


 
හිරාන් ප්‍රියංකර ජයසිංහ    

                    
ආණමඩුව කොට්ටුකච්චිය අක්කර විස්ස ප්‍රදේශයේ 68 හැවිරිදි මවක් නිවසේ මුළුතැන් ගෙය ආසන්නයේදී ඇතෙකුගේ පහර කෑමට ලක්වී මිය ගොස් ඇති බව පුත්තලම පොලිසිය පවසයි.


මෙසේ මරණයට පත්වී ඇත්තේ තිදරු මවක් වන කේ.පී.ධම්මිකා ඥාණවතී නැමති 68 හැවිරිදි කාන්තාවකි. 


නිවසේ මුළුතැන්ගෙයි සිට එළියට බසිනවාත් සමඟ ආසන්නයේ රැඳී සිටි ඇතෙකු එලවා ගෙන විත් මුළුතැන්ගෙයි බිත්තිය ආසන්නයේ දී ඇත්දළ වලින් පහර දී එම ස්ථානයේදීම මරණයට පත්ව තිබු බව පොලිසිය කියයි.


ඇතාගේ දළ පහරට ලක්වු කාන්තාව පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් මිය ගොස්  සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.



අදහස් (0)

වන අලි පහරදීමෙන් කොට්ටුකච්චියේ කාන්තාවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 447 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site