චන්ද්‍ර සේන ගමගේ
පාවහන් යුගලක් තුළ මත් කුඩු ග්‍රෑම් 08 ක් සඟවා ගෙන අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයට ඇතුළු වු පුද්ගලයෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබේ.
බන්ධනාගාරය තුළට මත් කුඩු රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇත්තේ රන්න කට්ටකඩුව යාය 19 ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බව බන්ධනාගාර නිලධාරීහු පවසති.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (22) අගුණකොලපෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව අගුණකොලපෑලැස්ස පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd