රොමේෂ් මධුෂංඛ
කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ පිහිටි කුඹුරු අක්කර 100 කට අධික ප්‍රමාණයක් නැවත මුල් අයිතිකරුවන්ට ලබාදෙන ලෙසට ඉල්ලා නැවත පදිංචි වූ වැසියන් පිරිසක් අද (21) උදෑසන පුනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ.
පුනරීන් ජේපුරම් ප්‍රදේශයේ පදිංචි ගොවීහු පිරිසක් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර විරෝධතාව සඳහා ප්‍රදේශයේ නැවත පදිංචි ජනතාව සහභාගී වී සිටියහ.
විරෝධතාවට සහභාගී වූවන් පැවසුවේ පණ්ඩිවෙට්ටි කුලම් ප්‍රදේශයේ කුඹුරු අක්කර 100 කට අධික ප්‍රමාණයක් වසර ගණනාවක් පුරාවට පුරන් වෙමින් පවතින අතරම යුද සමයේ දී එම කුඹුරු අතහැර දැමුවද යුද්දය අවසන් වූ පසුව බලධාරීන් නැවත පදිංචි වන වැසියන්ට අදාළ ඉඩම් හා කුඹුරු ලබාදෙන බවයි.
නමුත් මේ වන විට ඉඩම් ලබා දුන්න ද කුඹුරු කිසිවක් ලබා නොදීම හේතුවෙන් ජනතාව අසරණ වී ඇති හෙයින් එම කුඹුරු නැවත මුල් අයිතිකරුවන් වෙතට ලබා දෙන ලෙසයි.
විරෝධතාව අවසානයේ විරෝධතාකරුවන් පුනරීන් ප්‍රාදේශීය ලේකම් එස්.පී.ක්‍රිෂ්ණෝපරන් මහතාට සංදේශයක් බාරදුන් අතර ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ අදාළ ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවයි.

2025 දෙසැම්බර් මස 18
452
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතහැර දැමු කුඹුරු ඉල්ලා කිලිනොච්චි වැසියෝ විරෝධතාවයක