IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පුත්තලමේ වැව්තුළ ඉදිකිරීම් නවත්වන්න නියෝගයක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කරුවලගස්වැව , සාලියවැව , රණවරාපිටිය හා හල්මිල්ල ගොල්ලෑව වැව් තුළ සිදුකරමින් ඇති ඉදිකිරිම් නවතා දැමීමට පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන කොමසාරිස්වරිය අද ( 21 ) කටයුතු  කළාය.
 
පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන කොමසාරිස් නයනා ප්‍රියදර්ශනී බුද්ධදාස මහත්මිය මෙසේ කටයුතු කළේ රණවරා පිටිය සහ හල්මිල ගොල්ලෑව වැව් තුළ ඉදිකරමින් පවතින හෝටල් දෙකක් පිළිබඳව අදාල වැව වලට අයත් ගොවි සංවිධාන වල නිලධාරින් කළ දැනුම් දීමකින් පසුවය. 
 
 
සාලියවැව සහ රණවරාපිටිය වැව වල වැව් පෝෂිත ප්‍රදේශ තුළ නීති විරෝධි ලෙස ඉදිකිරීමට සුදානම් කර තිබූ හෝටලයක ඉදිකිරීම් සම්පුර්ණයෙන් නවතා දැමූ ගොවිජන සංවර්ධණ කොමසාරිස්වරිය හල්මිල්ල ගොල්ලෑව වැවේ ජල පෝෂක ප්‍රදේශයේ ඉදිකර තිබූ හෝටලය පිළිබඳව නීතිමය කටයුතු සිදු කිරිමටත් එම හෝටලය මගින් වැවට හානි වන අයුරින් කළ ඉදි කිරීම වහාම ඉවත් කිරීමටත් නියෝග කළ අතර අදාල වරද කරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන බවද  කොමසාරිස්වරිය ප්‍රකාශ කළාය.
 
මෙම වැව් පෝෂක ප්‍රදේශ තුළ  සිදුකරමින් පවතින ඉදි කිරිම් පිළිබඳව ගොවි සංවිධාන සාලියවැව පොලිසියට සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම්ට පැමිණිලි කර තිබූ අතර පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන කොමසාරිස්වරියද දැනුවත් කර තිබුණි.
 
 
වැව් නිරික්ෂණය කිරීමට ගොවිජන සංවර්ධන කොමසාරිස්වරිය පැමිණ තිබූ අතර ඒ සමඟම ඉහළ පුලියන්කුලම ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරිවරියද එක්ව තිබූ අතර එයට අමතරව පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන කොමසාරිස් කාර්යාලයේ තාක්ෂණික නිලධාරිවරයාද පැමිණ සිටියහ.
 
එහිදි මෙම නිලධාරින් ජනතාවට පවසා සිටියේ හදිසියේ සිදුව ඇති මිනුම් කටයුතු පිළිගැනීම ගැටළුවක් බවත් ඉදිරියෙදි නිසි ලෙස මැනුම් කටයුතු කර ජනතාවට නිසි සාධාරණයක් ඉටු කරන බවයි.
 
එසේම කොමසාරිස්වරිය ගේ දැනුම් දීමත් සමඟ හල්මල්ලෑ ගොල්ල වැව් ජල දාරා ප්‍රදේශයේ හෝටලයේ සිට වැවට දමා තිබූ නීති විරෝධි මාර්ගය ඉවත් කර ගැනීමටද හෝටල් හිමිකරුවන් කටයුතු කරන ආකාරය දැක ගත හැකිවිය. 
 



අදහස් (0)

පුත්තලමේ වැව්තුළ ඉදිකිරීම් නවත්වන්න නියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site