මොහොමඩ් බුහාර්ඩීන්
ගොකරැල්ල පොලිස් බල ප‍්‍රදේශයට අයත් තිබිරියාලන්ද වත්ත කදුලව ගම්මානයේ නිවසක ජිවත් වු බිරිඳ විසින් සිය සැමියාව අලවංගුවකින් පහරදී ඝාතනය කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඊයේ (10) රාත්‍රීයේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව නිවසක් තුළ ඇද මත ඝාතනය වී සිටින පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇත.
එහිදි හෙළි වී ඇත්තේ බිරිඳ විසින් සිය සැමියාට අලවංගුවකින් පහරදීම නිසා බරපතල තුවාල ලැබු සැමියා එම ස්ථානායේදිම මියගොස් ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ ගොකරැල්ල කදුලව ගම්මානයේ පදිංචි කොදාගොඩගේ සාන්තසිරි 47 නැමති අයෙකි.
ඝාතනයට ලක්වු අයට අවු 18 හා 12 පුතුණුවන් දෙදෙනෙකු හා අවුරුදු 6 ක කුඩා දියණියක් සිටින බව පොලිසිය කියයි.
කුමන හේතුවක් නිසා ඝාතනය සිදුවුවාද යන්න පිළිබඳ මෙතෙක් හෙළිවී නැති අතර මෙම ඝාතනය පිළිබඳ කොණ කිහිපයක් ඹස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ගොකරැල්ල පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් 35 හැවිරිදි බිරිඳ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ඝාතනයට යොදා ගත් අලවංගුවද නිවසේ තිබියදී පොලිසිය විසින් සොයා ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
471
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොකරැල්ලේ බිරිඳක් සැමියාව අලවංගුවකින් ගසා මරා දමයි
hira Monday, 11 June 2018 11:59 AM
දරුවන්ට යන කල. සදා අනාථයි. හදිසි කෝපය නිසා ජීවිත කාලයම විදවන්න වෙන්නේ.