IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පෞද්ගලික බස් රියදුරුට හා කොන්දොස්තරට පහර දීම ගැන පරික්ෂණයක්

(ජේ.කේ.එල් චාමින්ද)
 
මාතර සිට කොළඹට ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයකට ගොඩවු පිරිසක් එම බසයේ රියදුරුට හා කොන්දොස්තරවරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත.


අට දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම හික්කඩුව බස්නැවතුම්පොළේ දී  මෙකී පෞද්ගලික බස් රථයට ගොඩ වී ඇත. 


බස් රථයට ගොඩ වු මෙම කණ්ඩායම බසය හික්කඩුව පොලිසිය පසුකර කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී බසයේ රියදුරුට හා කොන්දොස්තරවරයාට පහරදී ඇති බව හික්කඩුව පොලිසිය කියයි.  


මෙම අවස්ථාවේ බසයේ මගින් ද සිට ඇති අතර පසුව මෙම පිරිස  බසයෙන් බැස ගාල්ල බලා ධාවනය වෙමින් තිබු වෙනත් බස් රථයකට ගොඩවී ඇති  බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.


පසුව බස් රථ රියදුරු හා කොන්දොස්තරවරයා මෙකී පහරදිම සම්බන්ධව හික්කඩුව පොලිසියට පැමිණිලි කර ඇත. මගින් පටවා ගැනිමේ දී කෙටි දුර ධාවනය වන පෞද්ගලික බස් රථ සේවකයින් අතර ඇති ප්‍රශ්නයක් මත මෙම පහරදිම සිදුවී ඇති බවට සැක කරන අතර පහරකෑමට ලක්වු බසයේ රියදුරු හා කොන්දොස්තරවරයා වැලිගම හා අහංගම යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.



අදහස් (1)

පෞද්ගලික බස් රියදුරුට හා කොන්දොස්තරට පහර දීම ගැන පරික්ෂණයක්

de silva Tuesday, 12 June 2018 08:22 AM

සමහර බස් කොන්දොස්තරලා හැසිරෙන විදිහට ඔහොම ගුටි කන්න සිදු වෙන එක පුදුමයට කරුණක් නොවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 471 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site