IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තිසා වැවේ අනවසර ඉදිකිරිමෙන් පරිසර හානියක්


 
(දයාරත්න ඇඹෝගම)                                

                              
අනුරාධපුර පුජා නගරයට පානීය ජලය සපයන තිසාවැවේ වැව් රක්ෂිතය පිරිසක් විසින් අත්පත් කර ගෙන සිදුකර ඇති අනවසර ඉදිකිරිම් හේතුවෙන් මහත් පරිසර හානියක් සිදුව ඇති බව අනුරාධපුර නැගෙනහිර ගම් පළාත් ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණු මන්ත්‍රී ජේ.ඒ.ජි.හේමචන්ද්‍ර ජයකොඩි මහතා සඳහන් කරයි.


පුජා නගරයේ ජිවත් වන පවුල් 8000කට අධික පිරිසකට පානීය ජලය සපයන්නේ තිසාවැවෙනි. අනුරාධපුර පුජා භුමිය වන්දනා කිරිමට පැමිණෙන වන්දනාකරුවන් තිසාවැවෙන් දිය නෑමේ හේතුවෙන් ජලය අපිරිසිදු වන බවට පසුගිය කාලයේ එල්ල වු චෝදනා හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව නඩුමඟට ද ගොස් තිබිණි.


වන්දනාකරුවන් තිසාවැවෙන් දියනෑම නිසා මළපහ සහ වෙනත් අපද්‍රව්‍ය එක්වී ජලය දුෂණය වීම යනාදි කරුණු හේතුවෙන් වැවේ දිය නෑම මේවන විටද තහනම් කර ඇත.


එහෙත් තිසාවැවේ වැව් රක්ෂිතයේ මේ වන විට සමහර පුද්ගලයන් අනවසරයෙන් ඉදිකර ඇති නිවාස සහ වැසිකිලි වලින් පිටවන සියලු අප ද්‍රව්‍ය වැවට මුසුවන බව එහි නිරක්ෂණයක යෙදුණු අපටද දක්නට ලැබිණි.


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ප්‍රාදේශීය සභා මන්ත්‍රී හේමචන්ද්‍ර ජයකොඩි මහතා මෙසේද පැවසීය. තිසාවැව් රක්ෂිතයේ මේවන විට විශාල වශයෙන් අනවසර ඉදිකිරිම් කර තිබෙනවා. වැව් රක්ෂිතය ආසන්නයේම ඉදිකර ඇති වැසිකිලි කැසිකිලි වලින් සියලු අපද්‍රව්‍යය තිසාවැවේ ජලයට මුසු වෙනවා.


මේ සම්බන්ධයෙන් අපි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් දැනුවත් කර තිබෙනවා.එහෙත් මේවන තුරුත් ඔවුන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරනවා.


මේ ආකාරයට මේ දෙස නිහඩව බලා සිටියොත් තවත් කෙටි කාලයකින් තිසාවැවත් ගොඩකර ඒ මත නිවාස වුවද ඉදිකරනු ඇතැයි ඒ මහතා පැවසිය.


මේ සම්බන්ධයෙන් අප වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර වාරිමාර්ග ඉංජනේරු කොටවිල ආරච්චි මහතා ගෙන් කළ විමසුමේදී පැවසුවේ තිසාවැවේ අනවසරයෙන් ඉදිකිරිම් කරනු ලැබු ස්ථාන දෙකකට විරුද්ධව මේවන විටත් අධිකරණයේ නඩු පවරා ඇති බවයි.


තිසාවැව වැව් රක්ෂිතයේ අනවසර ඉදිකිරිම් රැසක් හඳුනා ගෙන ඇති බව පැවසු වාරිමාර්ග ඉංජිනේරුවරයා මේ සම්බන්ධයෙන් ද නීතිමය ක්‍රියාමාර්ගයකට යන බවද පැවසිය. නඩු කටයුතු ප්‍රමාදවීම හේතුවෙන් මෙම අනවසරකරුවන් ඉවත් කිරිම දුෂ්කර වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.



අදහස් (0)

තිසා වැවේ අනවසර ඉදිකිරිමෙන් පරිසර හානියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 471 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site