IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පොරොන්දු වු සහන නොදීමෙන් මොරගහකන්ද වැසියෝ අසීරුතාවක

(කාංචන කුමාර ආරියදාස)


මොරගහකන්ද ජලාශය සිය ගම්බිම් ඉඩකඩම් දේපළ ලබාදී නැවත පදිංචියට පැමිණි ජනතාවට පොරොන්දු වූ සහන ලබා නොදීම නිසා ඔවුහු දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කර සිටී.


රටේ සංවර්ධනයට සිය ගම්බිම් ගේදොර වතුපිටි පූජා කළ ජනතාවට සහන සලසන්නේ නැතිනම් එම ජනතාව සමග එක්ව අරගලයකට සූදානම් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් 07 දින පස්වරුවේ පැවසීය.


මොරගහකන්ද ජලාශයට ඉඩම් ලබාදී නැවත පදිංචි වූ ලග්ගල මාඔය ප්‍රදේශය පදිංචිකරුවන් ඒකරාශී කොට ඔවුන්ගෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනුබද්ධ ගොවි සංවිධානයක් ස්ථාපිත  කරමින් පැවැති මාධ්‍ය හමුවේ දී නාමල් කරුණාරත්න මහතා මේ බව සඳහන් කළේය.


මොරගහකන්ද ජලාශය සදහා සිය ගම්බිම් ඉඩකඩම් පරිත්‍යාග කොට ලග්ගල  ප්‍රදේශයේ පදිංචියට පැමිණි ජනතාව මෙහිදී සඳහන් කර සිටියේ තමන්ට වගා කිරීමට ඉඩකඩම් ලබා දුන්නද මෙතෙක් වාරි ජලය නොලැබී ඇති බවත් පානීය ජලය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා මේ වන තෙක් ජල පහසුකම් ලබා නොදී බවුසර මගින් ඉතා සුළු ජල ප්‍රමාණයක් ලබා දීමෙන් සියලු ජල අවශ්‍යතා සපුරා ගැනීමට සිදුව ඇති බවය. 


එමෙන්ම ප්‍රවාහන පහසුකම් පාසල් උසස් අධ්‍යාපන පහසුකම් මෙන්ම වන්දි මුදල් නොලැබූ අය ද තවමත් ගම්මානයේ ජීවත් වන බවයි. 


ඔවුන්ට දැනට ලබාදෙන වියළි සලාක සහල් සහ හාල්මැස්සන් ආහාරයට වත් ගැනීමට නොහැකි ඒවා ලබා දෙන බව ද ජනතාව මෙහිදී සඳහන් කළහ.


එමෙන්ම මොරගහකන්ද ජලාශය නැරඹීමට දිවයිනේ විශාල වශයෙන් ජනතාව පැමිණෙන බවත් එහෙත් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට වෙළඳාම් කටයුතු සිදු කිරීමට වත් ජලාශය ප්‍රදේශයට ගමන් කිරීම තහනම් කොට තිබෙන බව ද ගම්මුන් මහවැලි අධිකාරියට චෝදනා එල්ල කළහ.


රටේ සංවර්ධනය සඳහා සිය ගම්බිම් පරිත්‍යාග කොට අනාථයන් බවට පත්ව සිටින ජනතාව පිළිබඳව මීට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව නාමල් කරුණාරත්න මහතා මෙහිදී සඳහන් කළේය.


 එමෙන්ම  එම ජනතාව ඉදිරියේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ මෙම ජනතාව ගම්මානවල සිය දෛනික කටයුතු සිදුකර ගනිමින් ඉතා පහසුවෙන් සිටි ජනතාව  බවය.
 



අදහස් (0)

පොරොන්දු වු සහන නොදීමෙන් මොරගහකන්ද වැසියෝ අසීරුතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31662 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14119 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11105 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site