IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෙසෙල් වගාවේ ගංජා වැවු අඹූසැමි යුවලක් අත්අඩංගුවට


                   
(සනත් ගමගේ)

                                                            
අඹුසැමි යුවළක් වගා බිමේ අතහැර දමා තිබූ කෙසල් වගාව අතර රහසිගතව අක්කර කාලක පමණ ප්‍රමාණයක ගංජා වගාවක් සිදු කරමින් සිටියදී අම්බලන්තොට පොලිසියේ බුද්ධි අංශයට  ලද තොරතුරක් මත ගංජා වගාව සිදු කළ අඹුසැමි යුවළ අත්අඩංගුවට  ගනු ලැබීය.


අතහැර දමා තිබූ කෙසෙල් වගාව අතර ඉතා සරුවට වැඩී තිබූ ගංජා ගස් 220 ක් හා අලෙවි කිරීමට පදිංචි නිවසේ රහසිගතව සූදානම් කර තිබූ වියළි ගංජා කිලෝ 5 යි මිලිග්‍රෑම් 379 ක් පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.


සැකකාර ස්වාමිපුරුෂයා සහ බිරිඳ දිගින් දිගටම පොලිසිය ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන් එවැනි වගාවක් කිසිවිටක සිදු නොකරන බවයි. එහෙත් එම උපායට නොරැවටුණූ  පොලිස් නිළධාරීහු සිය බුද්ධි අංශයේ නිළධාරීන් ලබාදුන් තොරතුර මතම සිට වගා බිම  දැඩි පරීක්ෂාවට ලක්කර බව පොලිසිය කියයි.


මෙසේ  අතහැර දමා තිබූ කැළයෙන් යට වී ගිය කෙසෙල් වගාව සෝදිසි කිරීමේ දි ගංජා ගස් දැක ගැනීමට පොලිස් නිළධාරින්ට හැකි වීමෙන් පසු වගාව සිදු කළ අඹුසැමි යුවළ නිරුත්තර වූ බව ද පොලිසිය කියයි.


වේලන  ලද ගංජා නිවසට ගෙනවිත්  අලෙවි කිරීමට සූදානම් කර තිබු අතර වගාවද කැපිමට දින ආසන්න වී ඇති බව පොලිසිය පවසයි. සැකකාර ස්වාමිපුරුෂයා මීට පෙරද ගංජා වගාව සිදු කර පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබු අයෙකි.  


අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ අද (5) හම්බන්තොට මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට  නියමිතය.   



අදහස් (0)

කෙසෙල් වගාවේ ගංජා වැවු අඹූසැමි යුවලක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 478 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site