(දිලීප් ජයසේකර)
සුරියවැව මොරකැටිය පාරේ වීරියගම ප්‍රදේශයේ දී අද (5) පෙරවරු 9.30ට පමණ යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදිය පැදවු කාන්තාව මිය ගිය බව සුරියවැව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සුරියවැව වීරියගම,සර්වෝදය මාවත, පදිංචි 19 හැවිරිදි රාජපුරගේ ප්‍රදීපා නිල්මිණි නැමති එක්දරු මවකි.
සිය ස්වාමි පුරුෂයා ගමනක් ගොස් නැවත නිවසට එන අවස්ථාවේ ඔහු රැගෙන යාමට යතුරුපැදියෙන් එන ලෙස බිරිදට පවසා ඇති අතර ඒ අනුව මියගිය කාන්තාව සිය නිවසේ සිට යතුරු පැදියෙන් සුරියවැව නගරය දෙසට යාමට පැමිණ තිබේ.
එසේ යතුරුපැදියෙන් පැමිණ ඇති මෙම කාන්තාව අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගය වෙත පිවිසෙනවාත් සමඟම මොරකැටිය දෙස සිට සුරියවැව දෙසට ආ ටිපර් රථයේ යතුරු පැදිය ගැටී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිපර් රථය කියන්නේ මිනි මරුවෙක්.
කාන්තාවෝ කිසීම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව වාහන පාරට දානවා.