ක.ග කරුණාරත්න
නීති විරෝධී මත් පෙති 190 ක් සමඟ 19 හැවිරිදි තරුණයෙකු අද (04) පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.
සැකකරු මඩකලපුව, ඕටමාවඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද හෙළිවී තිබේ.
පොලොන්නරුව, කදුරුවෙල, ගල්ලෑල්ල ප්‍රදේශවලට මෙම මත් පෙති බෙදා හැරීම සිදු කරන බවත් විශේෂයෙන්ම උසස් අධ්‍යාපන ආයතනවල, පාසැල්වල සහ උපකාරක පන්තිවල ඉගෙනුම ලබන සිසුන් ඉලක්ක කරගෙන මෙම ජාවාරම සිදු කරන බවත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.
මේ ජාවරමට සම්බන්ධ තවත් පුද්ගලයින් සිටීද යන්න සෙවීම සඳහා විමර්ශණ කටයුතු සිදු කරන බවද පොලිසිය සඳහන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd