බන්දු තඹවිට
2019 වර්ෂයේ සිට මතුගම පොදුවෙළඳපොලේ ගවමස් කඩය වැසීමේ යෝජනාව වැඩි ඡන්ද 22 කින් සම්මත විය.
මතුගම ප්‍රාදේශීය සභාවේ මාසික මහා සභාවේ රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාරවිල සමිතවංශ හිමියන් විසින් ඉදිරිපත් කළ යෝජනාව විශේෂ යෝජනාවක් ලෙස නියමිත වෙලාවට කලින් විවාදයට ගැනීමට සභාපති මෙරිල් මුණසිංහ මහතා තීරණය කළේය.
මෙහිදී පක්ෂව සහ විපක්ෂව මන්ත්‍රීවරුන් අදහස් දැක්වූ අතර අවසානයේ ඡන්ද විමසීමක් සිදුකළ අතර එහිදී 2019 වසරේ සිට මතුගම ගව මස් කඩය වැසීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 28 ප්‍රකාශ කළ අතර විපක්ෂව ඡන්ද 03 ක් හා මන්ත්‍රී වරුන් 03 දෙනෙකු ඡන්දය දීමෙන් වැලකී සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ ඒ.එච්.එම්.රාමසාන් සහ සීතා ඩයස් සහ ජනතා විමුක්ති පෙරමුණේ ලලිත් සිරිවර්ධන යන මන්ත්‍රීවරුන් මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
2025 දෙසැම්බර් මස 18
478
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මතුගම පොදු වෙළඳපොලේ ගවමස් කඩය වැසීමේ යෝජනාව සම්මතයි