බී.ජී. චතුරංග
අනුරාධපුර මහජන පොලේ අලෙවියට තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් තොගයක් අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් තොගයක් අනුරාධපුර සතිපොලේ අලෙවි කරන බවට, අනුරාධපුර නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතාට ලැබුණු තොරතුරකට අනුව කළ සොයා බැලීමක දී මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් විසින් පෙට්ටි 15 ක අසුරා තිබියදී දිරාපත් වූ හාල්මැස්සන් කිලෝ ග්‍රෑම් 240 ක ප්‍රමාණයක් මෙලෙස තම බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් හාල්මැස්සන් සාම්ප, රස පරීක්ෂක වෙත යොමු කරන බවත් එහි වාර්තාව ලැබීමෙන් පසුව එම වෙළෙදුන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව අනුරාධපුර මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයම්පති බණ්ඩාර මහතා මෙහි දී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක විතරද පරිභෝජනයට නුසුදුසුයි කියන්නේ........ හෙමදාම කන්නෙම ඔය දිරාපත්වී ගිය, හාල් මැස්සන්ගේ රොඩු ,මොන ජරාවක්වුනත්, පිටරටකින් ආවානම්, නියමයිනේද?