විල්පත්තු දිවියාගේ මරණය ගැන කඩිනම් වාර්තාවක් දෙන්නැයි නියෝග
විල්පත්තුව ජාතික වන උද්‍යානයේ සැරිසරමින් සිටි දිවියකුගේ ශරීර කොටස්, පුක්කුලම ධීවර වාඩි අසළ වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධියට අදාළව, දිවියාගේ මරණය සම්බන්ධ වාර්තාවක් නොපමාව ලබා දෙන්නැයි පුත්තලම අතිරේක දිසා විනිසුරු ලහිරු එන්. සිල්වා මහතා ( 22 ) රජයේ රස පරික්ෂකවරයාට නියෝග කළේය.