වැලිගම එන්නත් මධ්‍යස්ථානයේ කලබලයක් වැලිගම නගරයේ අර්ෆා මහා විද්‍යාලයේ දි කොවිඩ් එන්නත් කරන බවට ලද තොරතුරු මත එම ස්ථානයට විශාල පිරිසක් පැමිණ සිටියත් පැමිණි සියලු දෙනාටම එන්නත් ලබාදීමට නොහැකි බවට පැවසිම සමග එම ස්ථානය අසලදී නොසන්සුන්කාරී තත්වයක් ඇති විය. 01 September 2021
සාදයේ දුරකතන සංවාදය පිහි ඇනුමකින් කෙලවර වෙයි අලුත්ගම කලුවාමෝදර ප්‍රදේශයේ තරුණ දෙපිරිසක් දෙතැනක පැවැති සාදයක් අතර වූ දුරකතන සංවාදයක් ආරවුලක් දක්වා දුරදිග ගොස් ඉන්න එක් පාර්ශ්වයක තරුණයකු පිහි පහරකට ලක්ව අද (1) මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි . 01 September 2021
ආවා කල්ලියේ නායකයා ඇතුළු 8 ක් අත්අඩංගුවට යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී පසුගියදා ආයුධ කල්ලි ප්‍රහාරයකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධියට සම්බන්ධ ආයුධ කල්ලි නායකයා ඇතුලු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලිසිය පවසයි. 01 September 2021
අපුරේ කොරෝනා ආසාදිතයින් 4000 ක් නිවෙස්වල අනුරාධපුරයේ කොරෝනා රෝගීන් 4000කට ආසන්න පිරිසක් සිය නිවෙස්වල ප්‍රතිකාර ලබන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය රසික ඉන්දික අබේපාල මහතා පැවසිය. 01 September 2021
නිකවැරටි සතොස තාවකාලිකව වහයි නිකවැරටිය සතොස වෙළඳ සැලේ කාර්ය මංඩලයේ හත් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඒය තාවකාලිකව වසා දැමු බව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි . 01 September 2021
පැය 24 කදී ගම්පහින් ආසාදිතයින් 1718 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව අද (1) උදෑසන වනවිට 1,21,305 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 01 September 2021
හොර දුම්වැටි -විදෙස් මත්පැන් සමඟ අයෙක් අල්ලයි තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 30,000 ක් විදේශීය මත්පැන් බෝතල් 95 ක් වයිට් සැෆයාර් වර්ගයේ මැණික් ගලක් සමග සැකරුවෙක් දින රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් සමත්විය. 01 September 2021
පැය 24 කදී ගම්පහින් ආසාදිතයින් 1402 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 1,18,170 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය 29 වෙනි දින සවස නිකුත් කළ වෙබ් අඩවි වාර්තාවෙහි සදහන්ය. 31 August 2021
අත් බෝම්බ,කඩු සමඟ පුද්ගලයෙක් පොලිස් දැලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ ’’’’සමයං ’’ නැමැත්තාගේ සමීපතමයකු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, කඩු දෙකක් අද 31) දා පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි. 31 August 2021
බූරු ගැසූ පහක් මිල්ලනියෙන් අල්ලයි බන්ඩාරගම මිල්ලනිය කෙලෙස්ගමුව ප්‍රදේශයේදී නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මුදල් ඔට්ටුවට සුදු කෙළිමින් සිටි පුද්ගලයන් පස්දෙනකු මුදල් සමග අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි 31 August 2021
ජංගම වෙළන්දන්ගේ යතුරුපැදි පැහැරගත් අයෙක් අත්අඩංගුවට නීරෝධායන ඇඳිරි නීති සමයේ යතුරුපැදි භාවිතා කරමින් ජංගම වෙළඳාමේ නිරත වෙළෙදුන්ගේ යතුරුපැදි පැහැර ගැනීමේ නිරත කණ්ඩායමක ප්‍රධාන සැකකරු රාගම බටුවත්ත ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 30 August 2021
ගම්පහ නිවෙස්වල කොරෝනා අසාදිතයන් විසිදහසකටත් වැඩි පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයේ කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති විසි දහසකට වැඩි පිරිසක් අද(30) උදෑසන වන විට නිවාස වලම සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ උප සභාපති ඇස් ඒ යූ ටී කුලතිලක මහතා පැවසීය. 30 August 2021
අතපය බැද මාළු දැලක එතූ මළ සිරුරක් කිලිනොච්චි මුහුදු සීමාවකදී හමුවෙයි කිලිනොච්චිය පූනරීන් සංගුපිඩ්ඩි පාලම අසල මුහුදු සීමාවේදී පාවෙමින් තිබූ නරක් වූ මළ සිරුරක් අද (30) දින හමු වූ බවට පුනරීන් පොලීසිය පවසයි. 30 August 2021
නිරෝධායනය අස්සේ සූදු ගැසූ හයක් අල්ලයි නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් රාගම වල්පොල පවත්වාගෙන ගිය මහා පරිමාණ සුදුපොලක් වටලා එහි සුදු කෙළමින් සිටි හය දෙනකු සැක පිට අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි . 30 August 2021
හොර එස්.අයි ට වැඩ වරදී උප පොලිස් පරීක්ෂකවරයකු බව පවසා නිවෙස්වලට ඇතුළු වී නිවෙස් පරික්ෂා කිරීමේ මුවාවෙන්, පුද්ගලයන් පැහැරගෙන ගොස් ,දේපල හා රන් භාණ්ඩ කොල්ල කා පළා යාමට පුරුදුව සිටි පුද්ගලයකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බව වැලිකඩ පොලීසිය පවසයි . 30 August 2021
වසර 300ක් පැරැණි කුඹුක් ගස් දෙකක් කපලා ආණමඩුව කොට්ටුකච්චිය වඩත්ත මිදෙල් ඇලේ තිබු අවුරුදු 300 කට ආසන්න දැවැන්ත කුඹුක් ගස් දෙකක් ප්‍රවාහනයට සුදානම් කර තිබියදි පොලිසිය පැමිනිමත් සමග දැව ජාවාරම්කරුවන් පලා ගොස් ඇති බව කියයි. 30 August 2021
පුත්තලමේ ව්‍යාපාරිකයන්ගෙන් පුත්තලම රෝහලට ඔක්සිජන් ටැංකි පුත්තලම මූලික රෝහලේ ප්‍රථිකාර ලබන කොරෝණ රෝගීන් හට ප්‍රයෝජනය ගැනීම සදහා අවශ්‍යය ඔක්සිජන් ගබඩා කළ හැකි සිලින්ඩර් තොගයක් ලබා පුත්තලම නගරය හා අවට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ 33 දෙනෙක් එකතු වි රෝහලට පරිත්‍යාග කළහ. 30 August 2021
සූදු පොළක් වටලා 9ක් අත්අඩංගුවට නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් බටපොළ කහටපිටියේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ සූදු පොළක් වටලා එහි සූදු කෙලිමින් සිටි නව දෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව බටපොළ පොලීසිය කියයි. 30 August 2021
ආයුර්වේද රෝහලට උපකරණ පරිත්‍යග කරයි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ‘කොවිඩ්’ අතරමැදි ප්‍රතිකාර මාධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ ගණණක් වටිනා වානේ ඇදන් ඇතුළු උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී. 29 August 2021
සැඩ සුළඟින් අත්තනගල්ලේ නිවාස රැසකට හානි රන්පොකුණගම ඇතුළු ගම්මාන කිහිපයක් හරහා අද පාන්දර හමා ගොස් ඇති සැඩ සුළගින් ගස් කඩා වැටීමෙන් හා නිවාසවල වහල කඩා ගෙන යාමෙන් හානි සිදු වී ඇති බවත් වහල තහඩු වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකුට තුවාල සිදු වී ඇති බව අත්තනගල්ල ආපදා සහන සේවා නිලධාරී ටී බී නිර්මාල් මහතා පවසයි. 29 August 2021
නාඋල ශ්‍රී නාග ආදර්ශ ප්‍රාථමිකයෙන් අඹන රෝහලට භාණ්ඩ කෝවිඩ් වයිරසය ආසාධනය වීම හේතුවෙන් මාතලේ අඹන රෝහලේ ප්‍රතිකාර ලබන කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නාඋල ශ්‍රී නාග ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්යය මණ්ඩලය විසින් කරන ලදි. 29 August 2021
ප්‍රමිතියෙන් බාල ඔක්සිමීටර් තොගයකට මුද්‍රා තබයි ඖෂධ ශාලාවල ඇති රුධිරයේ ඔක්සිජන් මට්ටම පරික්ෂා කරනු ලබන ඔක්සි මිටර් බොහොමයක් ප්‍රමිතියෙන් තොර බවට ලැබුන පැමිණිලි අනුව ගාල්ල දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂක නිලධාරින් විසින් ගාල්ල නගරයේ සහ කරාපිටියේ ඖෂධ ශාලාවල ඇති ඔක්සි මිටර් අද පරික්ෂා කරනු ලැබිය. 28 August 2021
ගාල්ලෙන් දින දෙකට කොරෝනා මරණ 13ක් ගාල්ල දිස්ත්‍රික්කයේ ඉකුත් දින දෙත තුළ කොරෝනා ආසාදිතයන් 13 දෙනකු මියගොස් ඇතැයි කොවිඩ් 19 වැලැක්විමේ දකුණු පළාත් මෙහෙයුම් මැදිරිය පවසයි. 27 August 2021
මාළු වෙළෙන්දා දිරච්ච ගහට යට වී මරුට ඇල්පිටිය ඇත්කදුර - ගුරුසිංහගොඩ මාර්ගයේ දෙල්ගහවලකඩ ප්‍රදේශයේදී දිරාපත්ව තිබූ ගසක් කඩා වැටීමෙන් යතුරුපැදිකරුවකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලීසිය පවසයි. 27 August 2021
ඉන්දියාවෙන් ගෙනා කිලෝ 1500කට වැඩි කහ සමඟ 5ක් අල්ලයි ඉන්දියාවෙන් නීති විරෝධිව ගෙන ආ වියලි කහ කිලෝ 1600 කට ආසන්න තොගයක් සහ සැකකරුන් පස්දෙනෙක් සිලාවතුර සහ කල්පිටිය ප්‍රදේශවලින් ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. 27 August 2021
නාකියාදෙණිය වතු රෝහල කොරෝනා රෝගීනට මේ වනවිට වසා දමා ඇති ගාල්ල නාකියදෙණිය වතු රෝහල කොරෝනා රෝගින් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරිමට පියවර ගන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 27 August 2021
නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ 195කට කොරෝනා නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 15 සහ විශේෂ අංශ තුනක නිලධාරීන් සහ නිලධාරිනියන් 195 කුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇතැයි පොලිස් වාර්තා සඳහන් කරයි 26 August 2021
කලවාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු 10කට කොරෝනා කලවාන පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් දස දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කලවාන පොලිසිය පැවසීය. 26 August 2021
ගංජා සමග අයෙක් දැලේ රුපියල් ලක්ෂ 12ක් වටිනා කේරල ගංජා කිලෝ හතරක් සමග සැකකරුවකු පිටකොටුව ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 26 August 2021
අලුත්ගමත් නිවෙස්වලට ගොස් අන්නත් කරයි අලුත්ගම පොලිස් බල ප්‍රදේශයේ මෙතෙක් එන්නත් නොලද වයෝවෘද්ධ වැඩිහිටියන් පදිංචි නිවෙස්වලට ගොස් එන්නත් කිරීමේ වැඩසටහන අද අලුත්ගම කාලවිල ග්‍රාමයෙන් ප්‍රථම වරට ආරම්භ කළේය. 25 August 2021
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025