IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැලිගම එන්නත් මධ්‍යස්ථානයේ කලබලයක්

(තරංග ගුණරත්න)

වැලිගම නගරයේ අර්ෆා මහා විද්‍යාලයේ දි කොවිඩ් එන්නත් කරන බවට ලද තොරතුරු මත එම ස්ථානයට විශාල පිරිසක් පැමිණ සිටියත් පැමිණි සියලු දෙනාටම එන්නත් ලබාදීමට නොහැකි බව වෛද්‍ය අංශ පැවසිම සමග එම ස්ථානය අසලදී නොසන්සුන්කාරී තත්වයක් ඇති විය.

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශයේ අලුත් වීදීය , ගල්බොක්ක නැගෙනහිර / බටහිර , හෙට්ටිවීදිය,පරණ කඩේ ,වලාන,මුදුගමුව නැගෙනහිර සහ බටහිර ග්‍රාම සේවා වසම් වල අවුරුදු 30- 60 අතර පසුගිය ජුලි 25 දින මෙම ස්ථානයෙ දි පළමු එන්නත් මාත්‍රාව ලබාගත් අය සදහා දෙවන එන්නත් මාත්‍රාව අද දින උදැසන සිට ලබාදීමේ කටයුතු සැලසුම් කර තිබු අතර එ සදහා විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටි අතර මෙහිදී බටවල,පාතේගම,දෙණිපිටිය,කඩෙිවත්ත , පැලැන,වලාන,මුදුගමුව,ආදි ප්‍රදේශ රැසක දහසකට අධික පිරිසක් පළමු එන්නත ලබා ගැනිමෙි බලාපොරොත්තුවෙන් මෙම ස්ථානය වෙත පැමිණ සිටියහ

සියලු දෙනාටම එන්නත් ලබා දීමට නොහැකි බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් විසින් දැනුම් දීමෙන් අනතුරුව පැමිණි සිටි ජනතාව අතර නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය .

කෙසේ නමුත් සෞඛ්‍ය අංශ මගින් හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුගතව කටයුතු කරන ලෙස විටින් විට ජනතාව දැනුවත් කළ ද එයට අනුගත නොවෙමින් එන්නත් ලබා ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් එම ස්ථානය අසලට පැමිණි ජනතාව නොසන්සුන්කාරීව හැසිරෙන ආකාරය දක්නට ලැබිණි

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජි.ආර්.ටී ජයසේකර මහතා , මෙසේ පැවසීය . අද දිනට අපේ සැලසුම තිබුණේ දැනුම් දුන් පරිදි දෙවන මාත්‍රාව දෙන්න නමුත් එන්නත් බලාපොරොත්තුවෙන් විශාල පිරිසක් එන්නත් කරන වැඩසටහන් පැවැත්වෙන ස්ථාන වලට එනවා අපේ පොරොත්තුව එන්නත් ලැබෙන පරිදි හැමෝටම එන්නත් දෙනවා. 



අදහස් (0)

වැලිගම එන්නත් මධ්‍යස්ථානයේ කලබලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site