(අංජුල මහික වීරරත්න සහ ජේ.ඒ. එල් ජයසිංහ)

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) සහභාගී විය.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කෘෂිකර්ම, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහත්වරුද එම අවස්ථාවට සහභාගී වූහ.

මහ මළුවේ සිට පෙරහර නැරඹූ ජනාධිපතිවරයා සධාතුක කරඬුවට නමස්කාර කළේය.