
(රවී ලියනගේ)
ගාල්ල අම්බලන්වත්ත අනගාරික ධර්මපාල මාවතේදී යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් 59 හැවිරිදි කාන්තාවක සහ 49 හැවිරිදි පිරිමි පුද්ගලයකු අද මියගොස් ඇතැයි පොලිසිය කියයි.
අම්බලන්වත්ත දෙස සිට කරාපිටිය දෙසට ධාවනය කරන ලද ත්‍රිරෝද රථය හා කරාපිටිය දෙස සිට අම්බලන්වත්ත දෙසට ධාවනය වු යතුරුපැදියක් මෙලෙස අනතුරට පත්ව තිබේ.
ත්‍රිරෝද රථය පෙරළී ගොස් අසල විදුලි කණුවක ගැටීමෙන් එහි පිටුපස ගමන්ගත් කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇති අතර යතුරුපැදියේ ගමන් කල පුද්ගලයා එම ස්ථානයේ ඇදවැටීමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අනතුරින් පැය 04කට පමණ පසුව මියගොස් ඇති බව පොලීසිඅය පවසයි.
මියගොස් ඇති කාන්තාව කනම්පිටිය ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර පිරිමි පුද්ගලයා හීන්පැන්දල ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd