
(සුජිත් හේවාජුලිගේ )
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට විවෘත ආරාධනයක් කරයි.
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ තර්කානුකූලව ලස්සනට අදහස් පළ කළ බව කී මන්ත්‍රීවරයා සෑම පාර්ශ්වයක් සමගම සාකච්ඡා කළේ යැයි ඔහු එහිදී පැවසූ බවද ප්‍රකාශ කළේය.
සියලු දෙනාට සවන් දී ගත් තීරණයක් හෙයින් මෙය කිසිසේත් වෙනස් නොකරන බව ජනාධිපතිවරයා පැවසුවේ යැයිද හෙතෙම පැවසීය.
ජනාධිපතිතුමා කිසිවකු සමග මේ ගැන සාකච්ඡා කර නැතැයි පැවසූ මන්ත්‍රීවරයා විනිසුරැවරැන් සමග අධිකරණ සේවා කොමිෂන් සභාව සමග ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග පාර්ලිමේන්තුවේ නීතිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සමඟ මේ ගැන සාකච්ඡා නොකළ බවද සදහන් කළේය
අජිත් පී පෙරේරා මහතා මෙසේද පැවසීය
ඔබ සාකච්ඡා කළ යුතු කිසිවකු සමඟ සාකච්ඡා කළේ නෑ. මේ තීරණය ඔබතුමාගේ හිතුවක්කාර තීරණයක්. එ්කෙ ප්‍රතිඵල ඔබතුමා විතරක් විඳවන්නේ නැහැ. අවසානයේදී මුළු රටටම විඳවන්න වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd