(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ ""සමයං " නැමැත්තාගේ සමීපතමයකු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, කඩු දෙකක් අද 31) දා පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි (26) "බඩිගි" නැමැත්තා බව පොලිසිය කියයි.
වැලිකඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කෝරළගේ මහතාට ලද තොරතුරක් අනුව, රාජගිරිය පොල්වත්ත ප්‍රදේශයේ නිවසක් වටලා පරීක්ෂා කිරීමේදී, එහි කාමරයක තිබූ ඇඳක කකුලකට තබා වෙලුම් පටිවලින් ආවරණය කර තිබූ මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
ඒ අනුව නිවසේ සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තවදුරටත් නිවස පරික්ෂා කිරීමේදී නිදන කාමරයක ඇද මෙට්ටයක් යට සඟවා තිබූ, අඩි තුනක් පමණ දිගින් යුත් කඩු දෙකක් සොයා ගැනීමට හැකි වූ බව කියයි .
පසුව අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේ දී , සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වු සමයං නැමැත්තාගේ සමීපතමයකු බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ .
සැකකරු මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවකු බවත්, එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධව සිටී පුද්ගලයින් කණ්ඩායමක් සමඟ වවුනියාව ප්‍රදේශයේ සිදුකළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවකු බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.
සැකකරු මෙම නීති විරෝධී භාණ්ඩ ළඟ තබාගෙන කිසියම් අපරාධයක් සිදුකිරිමට ද, යන්න පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි . ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අලුත්කඩේ අංක 4 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අත් බෝම්බ,කඩු සමඟ පුද්ගලයෙක් පොලිස් දැලේ