
(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් නීති විරෝධිව ගෙන ආ වියලි කහ කිලෝ 1600කට ආසන්න තොගයක් සහ සැකකරුන් පස්දෙනෙක් සිලාවතුර සහ කල්පිටිය ප්‍රදේශවලින් ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
සිලාවතුර පිච්චවානිකුලම් ප්‍රදේශයේ සහ කල්පිටිය ඉප්පන්තිව් දුපතේ අද (27) අළුයම කළ විශේෂ මෙහෙයුම් දෙකකදී වියලි කහ කිලෝ 1599 ක තොගයක් සමඟ සැකකරුවන් පස්දෙනකු සහ කැබ් රථයක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
වයඹ නාවික විධානයට අයත් නෞකා ථේරපුත්ත ආයතනය සහ සිලාවතුර පොලීසිය නිවසක් තුළ තිබූ මළු 33 ක අසිරූ වියලි කහ කිලෝ 1141 ක් සහ සැකකරුවන් පස්දෙනෙකු සමඟ කහ තොගය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන කැබ් රථයක් ද, නෞකා විජය ආයතනය කල්පිටිය කළපුවේ ඉප්පන්තිව් දුපතේ තිබු මළු 21 ක අසිරූ වියලි කහ කිලෝ 458 ක් ද, බාරයට ගත් බවත් සැකකරුවන් වයස අවුරුදු 22 ත් 48 ත් අතර වයසේ පසුවන සිලාවතුර සහ මන්නාරම යන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් නාවික හමුදාව කියයි.




2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවෙන් ගෙනා කිලෝ 1500කට වැඩි කහ සමඟ 5ක් අල්ලයි