(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම කලුවාමෝදර ප්‍රදේශයේ තරුණ දෙපිරිසක් දෙතැනක පැවැති සාදයක් අතර වූ දුරකතන සංවාදයක් ආරවුලක් දක්වා දුරදිග ගොස් ඉන්න එක් පාර්ශ්වයක තරුණයකු පිහි පහරකට ලක්ව අද (1) මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි .
මෙසේ මියගොස් ඇත්තේ අලුත්ගම ,කලුවාමෝදර දේවාල පාරේ පදිංචිව සිටි ධම්මික ලක්ශාන්(24) අවිවාහක තරුණයෙකු බව කියයි .
මියගොස් සිටින තරුණයා මිතුරන් කීපදෙනෙකු සමග ඉකුත් 28 දින රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර ඔවුනගේ වයසැති තවත් මිතුරන් පිරිසක් වෙනත් තැනක සාදයක් පවත්වා තිබෙන බවත් දෙපාර්ශවය දෙතැනක පැවැති සාද අතරතුර මියගිය තැනැත්තා හා අනිත් පාර්ශ්වයේ තරුණයෙකු අතර ඇති වූ බව කියන දුරකථන සංවාදය ආරවුලක් දක්වා දුරදිග ගොස් පසුව එදින රාත්‍රී 11ට පමණ දෙපාර්ශවය අලුත්ගම පූර්වාරාම පාරේ දී හමුව ඇතිවූ ආරවුල පිහි ඇනුමක් දක්වා දුරදිග ගොස් ඇතැයි විමර්ශන සිදුකරන පොලිසිය කියයි .
එහිදී පිහි පාරට ලක් වූ තරුණයා මිතුරන් සමග ගොස් ආසන්න පිහිටි රෝහලෙන් සැබෑ තත්වය වසං කර ප්‍රතිකාර ලබා පිටව ගොස් මිතුරන් සමග රැය පහන්කර ඇති බවත් පසුදින එනම් 29 දින දර්ගා නගරයේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් එම තුවාලයට බෙහෙත් දමා ගෙන සිට ඇති අතර පසුව පිහි පාරට ලක්වූ තරුණයා ගේ තත්ත්වය උත්සන්න වීමෙන් කළුතර නාගොඩ රෝහලට රැගෙන ගොස් තිබේන බවත් එහිදී මෙම තරුණයා මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ පිහි ඇනුමට ලක්වූ තරුණයා ගේ සැබෑ තත්වය වසන් කිරීමෙන් මෙම අවාසනාවන්ත මරණය සිදු වන්නට ඉඩ ඇති බවයි .
එම පිහි ඇනුමෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පලා ගොස් සැඟව සිටින සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවත් මේ වන විට එම සිදුවීම සම්බන්ධ දෙපාර්ශවයෙ තරුණයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකරන බවත් පොලිසිය කියයි .
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සාදයේ දුරකතන සංවාදය පිහි ඇනුමකින් කෙලවර වෙයි