
‘ඇමෙරිකා මධ්‍යම බුද්ධි අංශය’ හෙවත් ‘සී.අයි.ඒ’ සංවිධානයේ ප්‍රධානී, ජෝන් රැට්ක්ලිෆ් රහසේම, රුසියාවේ මොස්කව් අගනුවර සංචාරයකයට ගිය බව විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත.
ජෝන් රැට්ක්ලිෆ්ගේ රුසියන් සංචාරය මාධ්‍ය විසින් අනාවරණය කරනු ලැබීමත් සමග, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඒ ගැන පැහැදිලි කිරීමක් කළේය.
සී.අයි.ඒ. ප්‍රධානී ජෝන් රැට්ක්ලිෆ්ගේ රුසියන් සංචාරය ‘සාමාන්‍ය’ සංචාරයක් පමණක් බවත්, දේශපාලනික මත ගැටුම් පැවැතියත් ඇමෙරිකා රුසියා බුද්ධි ප්‍රධානීන් අතර පවතින්නේ සුහදත්වයක් බවත් ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටියේය.
ජෝන් රැට්ක්ලිෆ් රුසියාවට ගොස් ඇත්තේ හමුදා ගුවන් යානයකිනි. ඔහු රුසියානු විදේශ බුද්ධි සේවයේ ප්‍රධානී සර්ගේ නාරිෂ්කින් ඇතුළු ඉහළ පෙළේ රුසියන් බුද්ධි නිලධාරීන් හමුවුණු බව ක්‍රෙම්ලීනය පවසා ඇත.
රැට්ක්ලිෆ් ට පෙර, සී.අයි.ඒ. බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළේ විලියම් බර්න්ස් ය. මීට වසර පහකට පෙර බර්න්ස් ද මෙලෙස රහසේහ මොස්කව් බලා ගියේය. ඒ, රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ආක්‍රමණයක් සිදු කිරීමට පෙරය.
රැට්ක්ලිෆ්, රුසියන් බුද්ධි ප්‍රධානීන් හමුවී, රුසියන් යුක්රේන යුද්ධය ගැන සාකච්ඡා පවත්වන්න ඇතැයි මාධ්‍ය පවසයි. කෙසේ නමුත්, රැට්ක්ලිෆ් සහ රුසියන් බුද්ධි ප්‍රධානීන් අතරේ සාකච්ඡා වූ කිසිවක් ප්‍රසිද්ධියට පත් කර නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd