( එම්.සුසිල් ප්‍රියන්ත)
නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් බටපොළ කහටපිටියේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ සූදු පොළක් වටලා එහි සූදු කෙලිමින් සිටි නව දෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව බටපොළ පොලීසිය කියයි.
ලැබුණු තොරතුරකට අනුව ඊයේ(29) මධ්‍යම රාත්‍රියේදී පමණ මේ සූදු පොළ වැටලූ බවත් එහි සූදු කෙලිමින් සිටි සැකකරුවන් නව දෙනාම මුහුණු ආවරන පැලද නොසිටි බවත් පොලීසිය කියයි.
නීරෝධායන ඇදිරි නීතිය කඩ කිරීම,නීරෝධායන මර්ධන නීති උල්ලංඝනය කිරීම,මුදලට සූදු කෙලීම යන චෝදනා ගොනු කොට සැකකරුවන් නව දෙනාට එරෙහිව බලපිටිය අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කල බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd