IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අතපය බැද මාළු දැලක එතූ මළ සිරුරක් කිලිනොච්චි මුහුදු සීමාවකදී හමුවෙයි

 ( රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය පූනරීන් සංගුපිඩ්ඩි පාලම අසල මුහුදු සීමාවේදී පාවෙමින් තිබූ නරක් වූ මළ සිරුරක් අද (30) දින හමු වූ බවට පුනරීන් පොලීසිය පවසයි.

සංගුපිඩ්ඩි පාලම මාර්ගයේ ගමන්ගත් පිරිසක් විසින් අදාල මළ සිරුර මුහුදේ පාවෙනු දැක ඒ බව පුනරීන් පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් අදාල ස්ථානයට ගොස් මළ සිරුර ගොඩට ගැනීමට පියවර ගෙන ඇත.

ගොඩට ගත් මළ සිරුර පරික්ෂා කිරීමේදී මළ සිරුර බොහෝ සෙයින් නරක්ව තිබීම නිසා හඳුනාගැනීමට නොහැකිව ඇති අතර මළ සිරුරේ අත් පාල බැඳ සිරුර මාළු දැලකින් ඔතා මුහුදට දැමීම හේතුවෙන් එය ඝාතනයක් බවට පොලීසිය සැක පල කර සිටියි.

මළසිරුර ප්‍රදේශයේ ධීවරයෙක්ගේදැයි සැකසහිත බවත් මහෙස්ත්‍රාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කිලිනොච්චිය රෝහලට රැගෙන යාමට කටයුතු කර ඇතැයිද පරික්ෂණ සිදුකරන පුනරීන් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
 



අදහස් (0)

අතපය බැද මාළු දැලක එතූ මළ සිරුරක් කිලිනොච්චි මුහුදු සීමාවකදී හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site