(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය ඇත්කදුර - ගුරුසිංහගොඩ මාර්ගයේ දෙල්ගහවලකඩ ප්‍රදේශයේදී දිරාපත්ව තිබූ ගසක් කඩා වැටීමෙන් යතුරුපැදිකරුවකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ඇත්කදුර සෙන්ටරිවත්ත ලිපිනයේ පදිංචි වතුදුර ගාමිණී නැමති 49 හැවිරිදි විවාහකයෙකි.මියගිය පුද්ගලයා මාළු වෙළෙන්දකු බවද පොලිසිය කියයි.
වැසි සහිත අයහපත් කාලගුණය නිසා මාර්ගය අසලවූ දිරාපත්ව තිබූ ගස අද දහවල් 12.00 ට පමණ මාර්ගයට කඩාවැටී ඇති අතර ඉන් එම අවස්ථාවේ යතුරු පැදියෙන් මෙම මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා බරපතල තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ. ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මීට සුළුවේලාවකට පෙර මියගිය බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.
මේ වනවිට එම ගසේ කොටස් ඉවත්කර මාර්ගය යථා තත්ත්වයට පත්කර ඇති බවද පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාළු වෙළෙන්දා දිරච්ච ගහට යට වී මරුට