ගම්පහ ග්‍රාම නිළධාරීන් 55කට කොරෝනා:81 නිරෝධායනයට ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කරන ග්‍රාම නිලධාරීන් 55 දෙනකු අද වන විට කොවිඩ් -19 ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බවත් තවත් ග්‍රාම නිලධාරීන් 81 දෙනකු නිරෝධායනයට ලක් කර ඇති බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ගාමිණී රණතුංග මහතා පවසයි. 25 August 2021
ගම්පහත් ලක්ෂ 3කට රු: 2000 දීමනාව නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබීම හේතුවෙන් ජීවනෝපාය අහිමි ගම්පහ දිස්ත්‍රික්කයෙහි ජනතාව වෙත රුපියල් 2000 දීමනාව ලබා දීම ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී දිසාපති සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. 25 August 2021
ගම්පහත් ගෙයින් ගෙට ගොස් එන්නත් දීම අරඹයි ගම්පහ මහ නගර සභාව මගින් නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන වයෝවෘද්ධ වැසියන්ගේ නිවෙස් වෙත ගොස් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට පියවර ගෙන ඇත. 25 August 2021
මුල්ලේරියාවේ ගෙයින් ගෙට ගොස් එන්නත් දෙයි කොවිඩ් මර්දන එන්නත ලබාගත නොහැකිව නිවෙස්වල සිටින ආබාධිත හෝ වයස්ගත තැනැත්න්ට නිවෙස්වලට හොස් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලට අනුව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මුල්ලේරියාව ප්‍රදේශයේ දී එන්නත්කරණය වැඩසටහනක් අද (25) ආරම්භ කළේය. 25 August 2021
දකුණෙන් ආසාදිතයන් 1448ක් වාර්තා වෙයි දකුණු පළාතට අයත් ගාල්ල මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙන් ඊයේ දින අලුතෙන් කොරෝනා ආසාදිතයන් 1448 හඳුගෙන ඇතැයි වාර්තා වෙයි. 25 August 2021
කරාපිටිය රෝහලේ 112කට කොරෝනා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 112 දෙනකුට මෙම මාසය තුළදි කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි. 25 August 2021
හය දරුපියා අභිරහස් ලෙස මිය යයි ආණමඩුව කොට්ටුකච්චිය කන්දෙයාය ගම්මානයේ නිවසක තනිව සිටි දරුවන් හය දෙනකුගේ පියකු හදිසියේ අභිරහස් ලෙස මරණයට පත්ව සිටියදි සොයා ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 24 August 2021
කළුතර දිසාවෙන් කොරෝනා මරණ 1033ක් කළුතර දිස්ත්‍රික්කයේ ගතවූ මාස හතර තුළ කොරෝනා වයිරස ආසාධිත වී පුද්ගලයන් 1033 මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි 23 August 2021
රත්නපුර රෝහලේ ගිලන් රථ රියැදුරෙකු කොරෝනාවෙන් මරුට රත්නපුර ශික්ෂණ රෝහලට අනියුක්තව සේවය කළ ගිලන් රථ රියැදුරෙකු කොවිඩ් ආසාදිතව ඊයේ (22) මියගොස් තිබේ. 23 August 2021
කෝවිල් උත්සවයක් පැවැත්වූ පූජකට නඩු දිඹුල බොගහවත්තේ කොවිලේ දී නිරෝධායන නීති කඩ කරමින් උත්සවයක් පැවැත්විම සම්බන්ධයෙන් එම කොවිලේ පාලක සභාවට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතා පවසයි. 23 August 2021
වයෝවෘද්ධ රෝගියකු රෝහලේ දමා පැන යයි කිසියම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන වයෝවෘද්ධ පුද්ගලයකු අලුත්ගම රෝහලට ඇතුළත් කර ව්‍යාජ ලිපිනයක් හා දුරකථන අංක ලබා දී පළා ගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි. 23 August 2021
යතුරු පැදියෙන් ආ මාරයා ඒ 09 මාර්ගයේ කිලිනොච්චිය ඉරණමඩු හංදිය ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් එක් අයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි. 23 August 2021
බලපත් නැතිව අරක්කු ඇද්ද පහක් මාට්ටු පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය සමයේ බලපත්‍රයක් නොමැතිව වතු ආශ්රිත ප්‍රදේශවල වැඩි මිලට මත්පැන් අලෙවි කිරිම සදහා මත්පැන් බෝතල් තොගයක් රැගෙන යමින් සිටි සැකකරුවන් පස් දෙනෙක් බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 22 August 2021
නිට්ටඹුවේ ග්‍රාම නිලධාරීන් හතරකට කොරෝනා නිට්ටඹුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් සිව් දෙනකු කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇතැයි අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි . 21 August 2021
පොලොන්නරුවෙන් ආසාදිතයන් අද 402ක් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් අද දින කොරෝනා ආසාදිතයන් 402 වාර්තා වී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව් .එස්.කුමාරවංශ මහතා ප්‍රකාශ කළේය. 20 August 2021
බඩු මල්ලක් නෙැලැබුණැයි රාගම ග්‍රාම සේවකට මරණ තර්ජනය රාගම ග්‍රාම නිලධාරීවරයාට කොරෝනා ආසාදිතය පවුලක තරුණයකු බැන මරණ තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයක් රාගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 20 August 2021
විහාරාධිපති හිමියන්ගේ ලක්ෂ 13කට විද්ද හයක් අල්ලයි උහන ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් මුහුණු පොත ඔස්සේ හිතවත් කරගත් නයිජීරියානු ජාතිකයකු විහාරස්ථානය වැඩි දියුණු කිරීමට රුපියල් ලක්ෂ ගණනක් පරිත්‍යාග කරන බව පවසා රුපියල්දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වංචා කිරීමට අනුබල දුන් බව කියන ලාංකිකයන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 20 August 2021
දකුණෙන් ආසාදිතයන් 1292ක් දකුණු පළාතට අයත් ගාල්ල මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙන් ඉකුත් 24 පැයේ කොරෝනා ආසාදිතයින් 1292 දෙනකු හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් කොරෝනා මර්ධන මෙහෙයුම් මැදිරියේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි. 20 August 2021
ඌව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවයි ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවු බව ඌව පළාත් ප්‍රධාන ලේකම්, පී.බී විජයරත්න මහතා ඊයේ (19) පවසීය. 19 August 2021
ගින්නකින් පූඩුල්ල කන්ද රක්ෂිතයේ අක්කර 600 ක් විනාශයි මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් දිග්ගල පූඩුල්ල කන්ද රක්ෂිත ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රි කාලයේ ගින්නක් හටගෙන ඇතැයි මඩෝල්සිම පොලිසිය පවසයි . 19 August 2021
කලවාන සතොස වහයි කොරෝනා ආසාදනය වූ සේවකයන් තිදෙනකු වාර්තා වීම හේතුවෙන් කලවාන සතොස ආයතනයක අද (19) වසා දැමිමට පියවර ගත් බව එහි කළමණාකාරීත්වය ප්‍රකාශ කළේය . 19 August 2021
‘‘නගර වැසීමේ විලාසිතාවට අපි අහුවෙන්නේ නෑ‘‘ රැල්ලෙන් රැල්ලට නගර වැසීමේ විලාසිතාවට බණ්ඩාරගම නගරය නතු නොකරන බව බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පවසයි. 19 August 2021
පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාටත් කොරෝනා පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 18 August 2021
ගණිකා නිවාසයක් වටලා 5 ක් අත්අඩංගුවට කොල්ලුපිටිය, පෙරහැර මාවත සිවි මහල් ගොඩනැගිල්ලක ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගන යන මුවාවෙන් සිදුකරගන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් අද (18 ) වැටලු බව කොළඔ දකුණ කොට්ඨාශ දූෂණමර්ධන ඒකකය කියයි. 18 August 2021
හොරෙන් පන්නන්න ගෙනා සිගරට් සමඟ දෙකක් මාට්ටු හොර රහසේ ආනයනය කළ බව කියන සිගරට් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනීමට ජාඇල සුරාබදු කාර්යාලයීය නිලධාරීන් සමත්ව ඇත. 18 August 2021
මුඛ ආවරණ නැතිව වෙළදාම් කළ 40 ක් අත්අඩංගුවට මුඛ ආවරණ නොමැතිව පිටකොටුවේ වෙළදාමේ යෙදුණු වෙළෙන්දන් සහ පාරිභෝගිකයන් 40 ක් අද (17) අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි. 17 August 2021
බණ්ඩාරගම වැසියන්ට හදිසි දුරකතන අංකයක් කොරෝනා වයිරසය සම්බන්ධ තොරතුරු දැනුම් දීමට බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ විශේෂිත දුරකථනයක් ස්ථාපිත කර ඇතැයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පවසයි. 17 August 2021
වෙනිවැල්ගැට සමඟ තිදෙනකු අල්ලයි කලවාන වැද්දාගල ප්‍රදේශයේදී වෙනිවැල්ගැට ක්‍රිලෝ ග්‍රෑම් හාරසිය පනහක් ක් හා වෙනිවැල්ගැට කැබලි කරන යන්ත්‍රයක් සමග සැකකරුවන් තිදෙනකු කලවාන අඩවි වන කාර්යලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 17 August 2021
අලියකුගේ පහරදීමකින් තිදරු පියෙක් මරුට පදිංචි නිවසේ ගෙවත්තේ වගාකර තිබෙන එලවඵ වගාවට සාත්තු කිරීමට ගිය තිදරු පියෙකු අද ( 17) වන අලි පහරදීමකින් මියගොස් ඇතැයි පන්සියගම පොලීසිය පවසයි. 17 August 2021
නිරෝධායන නීති කැඩූ 227ක් පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 227ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 17 August 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026