(නිමන්ති රණසිංහ)
කොවිඩ් මර්දන එන්නත ලබාගත නොහැකිව නිවෙස්වල සිටින ආබාධිත හෝ වයස්ගත තැනැත්න්ට නිවෙස්වලට හොස් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලට අනුව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මුල්ලේරියාව ප්‍රදේශයේ දී එන්නත්කරණය වැඩසටහනක් අද (25) ආරම්භ කළේය.
මුල්ලේරියාව පොලීසිය සමග එක්වී සිදුකරනු ලැබූ මෙම එන්නත් වැඩසටහනට අනුව ප්‍රදේශයේ ජීවත්වන එන්නත් ලබා නොගත් පිරිස් 100කට අධික පිරිසකට එන්නත් ලබාදීම සිදුකළ බව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
පොලීසියට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත ලැබෙන දුරකතන ඇමතුම්වලින් එක්රැස් කරගත් තොරතුරු අනුව මෙම ප්‍රදේශයේ නිවෙස්වල සිටින ආබාධිත මෙන්ම වයස්ගත පුද්ගලයන් ගණනය කර ගැනීමෙන් පසු මෙලෙස එන්නත් කිරීම් සිදුකරනු ලබන බව ද එම කාර්යාලය සදහන් කරයි.
ඡායාරූපය -: නිවෙස්වල සිටින ආබාධිත හෝ වයස්ගත පුද්ගලයන් වෙත ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් කොවිඩ් මර්දන එන්නත ලබාදෙන ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඡායාරූපයෙන් දැක්වෙයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මුල්ලේරියාවේ ගෙයින් ගෙට ගොස් එන්නත් දෙයි
jayasekara Thursday, 26 August 2021 02:39 PM
ගොතටුව සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයේ උපන් නගරයේම ස්ථිර පදිංචිකරුවකු වන මම අවිවාදයෙන් කියන්න පුළුවන් දෙයක් නම් මුළු ලංකාවෙන්ම හොදටම විශිෂ්ඨ ලෙස මේ එන්නත ලබාදුන්නේ ගොතටුව එම් ඕ එච් එකෙන්.