(සුජිත් හේවාජුලිගේ)

සිර දඬුවම් නියම කෙරුණු හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ වැඩට යොදවා ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

සිරදඬුවම් නියම කෙරෙන දේශපාලනඥයන් වැඩි වශයෙන් යෙදවෙන්නේ එහි මුද්‍රණ අංශයටයි.

කොළඹ මැයි දින පෙළපාළියට (2014) සහභාගී වූ ආණමඩුව මැතිවරණ කොට්ඨාසයේ ආධාරකරුවන් පිරිසකට හා සිය දේශපාලන ආධාරකරුවන් පිරිසකට ශ්‍රී ලංකා කේටරින් සමාගමේ මුදලින් රුපියල් 330,000 ක මුදලක් වැය කර මාරවිල ප්‍රදේශයේ හෝටලයක සාදයක් පැවැත්වීමෙන් රජයට පාඩු කිරීම සහ ශ්‍රි ලංකන් කේටරින් සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා ඒ සඳහා පෙළඹවීම ඇතුළු චෝදනා දෙකකට වරදකරු කෙරුණ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු මොහ‍ොමඩ් මිහායිල් මහතා වසර 14 ක සිර දඬුවමක් (වසර හතකින් ගෙවී යන පරිදි) නියම කළේය.