
(තිස්ස කොටින්කඩුව)
ව්‍යාපාරිකයකු විසින් පමුණුගම වහටියගම ඒපාමුල්ල වෙරළතීරයේ මීටර් 226 පමණවු දුරක බැදගෙන යමින් තිබු ආරක්ෂක ගේබියෙන් බැම්ම (කලුගල් බැම්ම) සදහා නිකුත් කරතිබු CCCRM/13065 දරණ බලපත්‍රය තාවකාලිකව අත් හිටවීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පී.බී.ටර්නි පෙරේරා විසින් ලිඛිතව නියෝග කර ඇත.
කලුගල් බැම්ම බැදීම පිලිබදව මහජන පැමිණිලි ලැබී ඇති හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පී.බී.ටර්නි පෙරේරා මහතා පවසා සිටියි.
පමුණුගම වෙරළ තීරයේ ඒපාමුල්ල වෙරළ තීරයේ රළ කඩන සීමා තීරයේ වෙරළටම අලලා මෙසේ විශාල කලුගල් බැම්මක් බැදගෙන යන බවත් එයින් වෙරළට හා පරිසරයට වන හානිය පිළිබදව පරිසරවේදීන් හා ප්‍රදේශවාසි ජනතාව දිගින් දිගටම වගකිවයුත්තන් දැනුවත් කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd