IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


හොරෙන් පන්නන්න ගෙනා සිගරට් සමඟ දෙකක් මාට්ටු

(තිලකරත්න දිසානායක)

හොර රහසේ ආනයනය කළ බව කියන සිගරට් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනීමට ජාඇල සුරාබදු කාර්යාලයීය නිලධාරීන් සමත්ව ඇත.

වෙළඳපොල වටිනාකම රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා විදේශීය සිගරට් 20,046 ක් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.

මෙම සිගරට් තොගය බදු ගෙවීමකින් තොරව රැගෙන විත් ඇති බව අනාවරණය වූ බවත් සිය කාර්යාලයට ලද තොරතුරක් මත වැටලීම සිදු කළ බවත් ජාඇල සුරාබදු කාර්යාලය පවසයි.

ගම්පහ සුරාබදු සහකාර කොමසාරිස් උපුල් කුමාර මහතාගේ උපදෙස් පරිදි සුරාබදු අධිකාරී ආර්.ඩී.ඒ.ඉන්ද්‍රනාත් මහතාගේ අධීක්ෂණය යටතේ ජාඇල ස්ථානාධිපති වජිර විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත සුරාබදු පරීක්ෂක ලක්මාල් බණ්ඩාර, සැරයන් ශ්‍රියන්ත හේරත්, සුරාබදු නියාමයක වරුන් වන උදාර, බුද්ධික, සමීර සහ ධනුක යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කොට ඇත.

අත් අඩංගුවට පත් සිගරට් තොගය සහ සැකකරුවන් දෙදෙනා අද (18) ගම්පහ දිස්ත්‍රික් සුරාබදු සහකාර කොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කෙරිණි.

 



අදහස් (0)

හොරෙන් පන්නන්න ගෙනා සිගරට් සමඟ දෙකක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31110 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13237 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 43 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site