ඉරානයට අයත් ලාරක් දූපතේ, ඉරාන විප්ලවීය හමුදාවේ, රොකට් විදින යන්ත්ර දෙකකට ඇමෙරිකන් හමුදා ප්රහාර එල්ල කිරීමත් සමග, ඇමෙරිකාවත් ඉරානයත් අතරේ යළිත් වරක් ගැටුම් හටගත්තේය.
ජූලි මාසයෙන් පසු ඇමෙරිකා හමුදාව ඉරානයට ප්රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව මෙයයි. ඇමෙරිකාව එල්ල කළ එම ප්රහාරයෙන් ඉරාන විප්ලවීය හමුදා බලකායේ සෙබළුන් කිහිප දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව ද වාර්තා වේ.
ඇමෙරිකා හමුදාව එල්ල කළ ප්රහාරයට ප්රතිචාර දක්වමින්, ඉරාන විප්ලවීය හමුදාව, අසල්වැසි ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු වෙත ප්රහාර එල්ල කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩකට නැති යුද්ධයක් නිසා අපි වගේ දියුණුවෙමින් පවතින රටවලට තමයි ප්රශ්නය වෙන්නේ. යුද උන්මත්තකයන්ගේ ක්රියා නිසා පරිසරයට සිදුවන්නේ විශාල කිව නොහැකි විනාශයක්. ඒත් අපි වගේ පුංචි රටවල් සුළු හෝ වරදක් කළහොත්, ලොව ලොකු රටවල් වලින් කෑ මොර දෙන්නේ පුදුම වේගයකින්. ඔවුන්ගේ මහා පරිමාණ යුද විනාශ ගැන ඔවුන්ට වගේ වගක් නැහැ.
ජෝරධානයට ඉතින් තියෙන්නේ අහක ඉන්න නයින්ව රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කිය කියා කෑ ගහගහ ඉන්නයි.