කේරළ ගංජා ළඟ තබාගත්තැයි ගුරුවරයෙක් අත්අඩංගුවට මන්නාරමේ විදුහලක සේවය කරන ගුරුවරයෙකු කේරල ගංජා ළඟතබාගැනීමක් හේතුවෙන් ගුරුවරයා අද (26) අත්අඩංගුවට ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි. 26 November 2020
හබරාදූව ප්‍රා සබේ විරෝධතාවක් හබරාදුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකු විසින් එම ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරිනියකට බැණවැදී තර්ජනය කර පහරදීමට උත්සාහකිරිමට විරෝධය පල කිරිම සදහා ප්‍රාදේශීය සභාවේ සියලුම නිලධාරින් සහ සේවකයින් අද (26) අසනීප නිවාඩු දමාසේවයට පැමිණිමෙන් වැලකී සිටිති 26 November 2020
බේරුවල ප්‍රා. සභා මන්ත්‍රීගේ ආශ්‍රිතයන් 200 කට පී.සී.ආර්. බේරුවල ප්‍රාරාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු කොවිඩ් ආසාදිතයකු වීම හේතුවෙන් රෝග ආවේක්ෂණ කටයුතු සඳහා ආශ්‍රිතයන් හඳුනාගෙන එම මන්ත්‍රීවරයා ඇසුරු කළ සමීප ආශ්‍රිතයන් 200 කගේ පමණ පී.සී.ආර් පරීක්ෂණ අද(25) දර්ගානගරයේ දී සිදුකළ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජේ සිංහබාහු මහතා පැවසීය. 25 November 2020
ගාල්ලේ විදුහලක උද්ඝෝෂණයක ගාල්ල අක්මීමන කපුහේන් පොල නන්දිමිත්ර විද්‍යාලයේ ඉඩමෙන් කොටසක් වෙනත් පුද්ගලයෙක් බලෙන් ඔප්පුවක් මගින් පවරා ගෙන පරිහරණය කිරීමට විරුද්ධව පැවති උද්ඝෝෂණයක් අද (25) නන්දිමිත්ර විද්‍යාලය ඉදිරිපිට දී පැවැත්විණි. 25 November 2020
ගුරු විභාගය සමත් රැකියා විරහිත උපාධිධාරිහු විරෝධතාවයක ඌව පළාත් ගුරු විභාගය සමත් සහ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය , සංවිධානය කළ නිහඩ විරෝධතාවයක් ඌව පළාත් සභාව ඉදිරියේදී අද (25) දා පැවැත්විණ . 25 November 2020
යාපනයේ ධීවරයෙකු උතුරු මුහුදේදී අතරමංවී ඉන්දියාවට ගසාගෙන යයි යාපනය වඩමාරච්චි වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ධීවරයෙකු උතුරු මුහුදේදී මසුන් අල්ලමින් සිටියදී අතුරුදන්ව ඇති බවට එම ධීවරයාගේ ඥාතීන් වැල්වැටිතුරෙයි පොලීසියට පැමිණිළි කර ඇත. 25 November 2020
මාතලේ සුදු ගඟ දෙපස වැලි කැණීම් තහනම් මාතලේ හරහා ගලා බසින සුදු ගඟේ ඉවුරු ඛාදනය වන පරිදි වැලි කැණීම් සහ මැණික් ගැරීම් සදහා ලබා දී ඇති බලපත්‍ර තාවකාලිකව තහනම් කිරීමට මෙම ප්‍රදේශවල සිදු වන කර්මාන්ත පිළිබදව විමර්ශනයට පත් කළ කමිටුවේ නිර්දේශ අනුව පියවර ගෙන තිබේ. 25 November 2020
හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 21 කින් සම්මතයි ඉදිරි වසර (2021) සඳහා වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය ප්‍රකාශය ඉකුත් (24) දා වැඩි ඡන්ද 21 කින් සභා සම්මත විය. හාලිඇල ප්‍රාදේශීය සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්ව පාලනය ගෙනයන පළාත් පාලන ආයතනයකි. 24 November 2020
ගම්පහ පළාත් පාලන ආයතන 4ක පුරප්පාඩු ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හතරක සභිකයින් සිව්දෙනෙකු ඔවුන් නියෝජනය කළ දේශපාලන පක්ෂයේ සාමාජිකත්වය අවසන් කිරීම හේතුවෙන් එම සභික ධුර පුරප්පාඩුව ඇතැයි තේරීම් බාර නිලධාරි කේ.ජේ.සම්පත් මාධව මහතා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත. 24 November 2020
හබරාදූව ප්‍රා. සභාවේ අයවැය සම්මතයි හබරාදුව ප්‍රාදේශීය සභාවේ ලබන වසරේ (2021)අයවැය ලේඛනය වැඩි චන්ද 14 කින් (අද 24 ) සම්මත විය. 24 November 2020
කුරුණෑගල පාසලක් තාවකාලිකව වහයි කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කොරෝනා වයිරසය ආසාදිතයවූ පුද්ගලයකුගේ ආශ්‍රිතයෙකු වූ අලව්ව ප්‍රදේශයේ පදිංචි ගුරු මහතෙකුගේ පී සී ආර් පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු ඔහු සේවය කරන වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් වෑකඩ මහා විද්‍යාලය අද (24) සිට ලබන සිකුරාදා දක්වා වසා තැබීමට එම විද්‍යාලයේ පාසල් සංවර්ධන කමිටුව තීරනය කර ඇති බව දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි. 24 November 2020
ගැබිනි කත හදිසියේ මිය යයි අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මාස දෙකක ගැබිනි කාන්තාවක් මියගොස් ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි 24 November 2020
ව්‍යාජ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට මුහුණු පොතේ වෛද්‍ය වරයෙකු ලෙස පෙනී සිටි යුද හමුදා විශ්‍රාමිකයෙක් ,වෙද නලාවක් ,ඖෂධ , ශල්‍ය උපකරණ හා යතුරු පැදියක්ද සමග නිකවැරටිය රස්නායකපුර මාර්ගයේදී 24 දා සැකකරු සමග අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිස් අධිකාරි කාර්යාලය පැවසීය. 24 November 2020
හපුතලේ දිසා රෝහල ඉදිරිපිට වර්ජනයක් රෝගී වූ බිළිඳෙකු ප්‍රතිකාර සඳහා හපුතලේ දිසා රෝහලට ඇතුලත් කරගැනීමට නොහැකි වූ නිසා බිළිඳෙකු මිය ගිය බව පවසා ඊට විරෝධය පළ කරමින් මියගිය බිළිඳාගේ ඥාතීහු ඇතුළු පිරිසක් අද( 23 ) දින හපුතලේ දිසා රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 23 November 2020
මුව ආවරණ නොමැති 25ක් බණ්ඩාරවෙලදී අත්අඩංගුවට සෞඛ්‍ය උපදෙස් නොසලකා හරිමින් මුව ආවරණ නො පැලඳ බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳ පොළේ සිටි 25 දෙනකු අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්තාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කළ බව බණ්ඩාරවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී එම් ආර් දිසානායක මහතා අද (23) පැවසුවේය. 23 November 2020
අරලගංවිල පොලිසිය යළි අරී අරලගංවිල පොලිසියේ සේවය කරන 136 දෙනෙකුගේ සිදුකල පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව ඒ කිසිවෙකුටත් කොරෝනා වයිරසය අසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා අද(23) ප්‍රකාශ කළේය. 23 November 2020
සන්ධානයෙන් නෙරපීම නීතියට පටහැණියි හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන සුජිත් මුතුකුමාරණ මහතා 2019 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකත්වයෙන් නෙරපීම නීතීයට පටහැනි බවට අභියාචනාධිකරණය තීන්දු කළේය. 23 November 2020
පාරක් වැසීමෙන් යාපනයේ විරෝධතාවක් යාපනය නගරයේ රෝහල් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගැනීම හේතුවෙන් වෙළඳසැල් හිමිකරුවෝ ඊට විරෝධතා දැක්වූහ. 23 November 2020
හැටන් අධ්‍යාපන කළාපයේ පාසල් 5ක් අද විවෘත නොකරයි හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන පාසල් පහක් අද (23) දින ආරම්භ නොකල බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පි.ශ්‍රිදරන් මහතා පැවසිය. 23 November 2020
ඉන්දීය ධීවරයෝ යාපනයේ ධීවරයින් 23කගේ දැල් වනසති යාපනය මාදගල් මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදේ මසුන් අල්ලමින් සිටි යාපනයේ ධීවරයින්ගේ දැල් ආම්පන්න සියල්ලක්ම ඉන්දීය ධීවරයින් විසින් විනාශ කොට පලා ගිය බව එම ධීවරයෝ පවසති. 22 November 2020
වැඩි මිලට සහල් විකිණූ සහල් නිෂ්පාදන ආයතනයකට නඩු සහල් සඳහා පනවා ඇති පාලන මිලට වඩා වැඩිමිලට සිල්ලර වෙළඳසැල් වලට සහල් සැපයූ දිවයිනේ ප්‍රසිද්ධ සහල් නිෂ්පාදන ආයතනයකට නඩුපැවරූ බව පුත්තලම පාරිභෝගික අධිකාරිය පවසයි. 22 November 2020
මන්නාරමෙන් ලක්ෂ 50 කහ-කේරල සොයාගනී මන්නාරම එරුක්කලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමින් යුතු වියළි කහ සහ කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 22 November 2020
ඔරලෝසු කණුව ඉවත් කිරීමට එරෙහිව විරෝධතාවක් පිළිමතලාව නගරයේ පිහිටා ඇති ඔරලෝසු කණුව කඩා ඉවත් කිරීමට එරෙහිව යටිනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරු පිරිසක් අද (21) කලුකොඩි දමා ඊට විරෝධය දැක්වූහ. 21 November 2020
අනතුරකින් අයෙක් මරුට, 5කට තුවාල මාතර බ්‍රවුන්ස්හිල් වංගුවේ දී අද (21) ට්රක්රථයක් හා බසයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ට්‍රක්රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව බසයේ ගමන් කල මගීන් 5 දෙනෙකු තුවාල ලැබූ බව මාතර පොලීසිය පවසයි. 21 November 2020
දැරියකට නිරුවත පෙන්වූ පුද්ගලයාට ඇප පිලියන්දල සුවාරපොල විහාරස්ථානයක් ඉදිරිපිටදී සිය නිරුවත පෙන්වා දැරියක් අපහරණය කිරිම සම්බන්ධයෙන් අද (21) අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස අතිරේක මහේස්ත්‍රාත් නුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය. 21 November 2020
රිය අනතුරකින් හමුදා කෝප්රල් මරුට ශ්‍රී ලංකා යුද හමුදා ගැමුණු හේවා බල ඇණියට අනුයුක්ත මතුගම කඳවුරේ සේවය කරන ලාන්ස් කෝප්රල් වරයෙකු ගමන්ගත් යතුරුපැදියක් අද (21) උදෑසන මීගමුව - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ බෝපිටිය මංසන්ධියේදී ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා දඹදෙනිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතිබව ගිරිඋල්ල පොලීසිය කියයි. 21 November 2020
කල්පිටිය කලපුව වනසන තහනම් දැල් අල්ලයි පරිසර පද්ධතියට හානිකරන අයුරින් කල්පිටි කලපුවේ සවි කර තිබූ රුපියල් ලක්ෂ 13 ක් පමණ වටිනා යකඩ කූඩූ දැල් කට්ටල 205 ක් අද (20) සැන්දෑවේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්යාලය මගින් සිය බාරයට ගෙන ඇත. 20 November 2020
කුරුණෑගල ප්‍රා.සභාවේ අය වැය සම්මතයි කුරුණෑගල ප්‍රාදේශීය සභාව වැඩි චන්ද 40 කින් 2021 අයවැය කෙටුම්පත සම්මත වෙයි. 20 November 2020
සබරගමුව විශ්වවිද්‍යාලයට මිලියන 798 ක සය මහල් කෘෂි විද්‍යා පීඨ සංකීර්ණයක් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට රුපියල් මිලියන 798 ක් වියදමින් අංග සම්පුර්ණ සය මහල් කෘෂි විද්‍යා පීඨ සංකීර්ණය ඉදිකිරීමට මුල් ගල් තැබීම 21 වැනිදා යෙදෙන සුබ මොහොතින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී සිදු කිරීමට නියමිතය. 19 November 2020
සූරියවැව ගංජා හේන් 4 ක් වටලයි සෙවනගල පොලිස් බල ප්‍රදේශයට අයත් සුරියවැව කිරිඉබ්බන්ආර මාර්ගයේ නුගේගලයාය ප්‍රදේශයේ ගංජා හේන් 4ක් හා පැළ තවාන් දෙකක් සොයා ගැනීමට සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අද (19) සමත්වී තිබේ. 19 November 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026