IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරකින් හමුදා කෝප්‍රල් මරුට

(සඳලංකාව-හේමලතා ඩී හේවගේ)                                           

ශ්‍රී ලංකා යුද හමුදා ගැමුණු හේවා බල ඇණියට අනුයුක්ත මතුගම කඳවුරේ සේවය කරන ලාන්ස් කෝප්‍රල් වරයෙකු ගමන්ගත් යතුරුපැදියක් අද (21) උදෑසන මීගමුව - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ බෝපිටිය මංසන්ධියේදී ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා දඹදෙනිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතිබව ගිරිඋල්ල පොලීසිය කියයි.
                                                                            
මෙසේ අනතුරින් මියගොස් ඇත්තේ මැදිරිගිරිය දර්ශනපුර නවනගරයේ පදිංචි 37 හැවිරිදි බොරැල්ලේගෙදර අශෝක කුමාර චන්ද්‍රරත්න නැමති දෙදරු පියෙකු බවද  සඳහන්වේ.

මියගිය සෙබලා තම ගම්ප්‍රදේශයේ සිට යතුරුපැදියෙන් රාජකාරී කටයුතු සඳහා යන අතරතුරදී මෙම අනතුරට මුහුණදෙන්න ඇති බවට පොලීසිය සැකකරන බවද පොලීසිය පවසයි.

අනතුර සිදුකල කොච්චිකඬේ බම්බුකුලිය ප්‍රදේශයේ පදිංචි ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.පී සමරකෝන් මහතාගේ උපදෙස් මත රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

රිය අනතුරකින් හමුදා කෝප්‍රල් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site