IMG-LOGO

හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 21 කින් සම්මතයි

(විජේරත්න රත්නායක)

ඉදිරි වසර (2021) සඳහා වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය ප්‍රකාශය ඉකුත් (24) දා වැඩි ඡන්ද 21 කින් සභා සම්මත විය. හාලිඇල ප්‍රාදේශීය සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්ව පාලනය ගෙනයන පළාත් පාලන ආයතනයකි.

එම සභාව සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලං.පො.පෙ. මන්ත්‍රීවරුන් 13 දෙනෙකු, උප සභාපතිවරයා ඇතුළු එ.ජා.ප. මන්ත්‍රීවරුන්  12 දෙනෙකු විපක්ෂ නායකවරයා ඇතුළු එ.ජ.නි.ස. මන්ත්‍රීවරුන් 10 දෙනෙකු, ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා ස්වාධීන කණ්ඩායම් දෙකක් නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් තිදෙනෙකුද වශයෙන් මහජන නියෝජිතයින් 40 දෙනෙකුගෙන් සමන්විතය.

එම සභාවේ සභාපති ආර්.එම්. නිමල් සේනානායක (ශ්‍රී ල.පො.පෙ.) මහතා විසින් 2021 වාර්ෂික මුදල් ප්‍රකාශය සභාවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 29 ක්ද, විපක්ෂව ඡන්ද 08 ක්ද ලැබිණි. මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඡන්දය විමසීම අවස්ථාවට සහභාගි නොවූහ.

ඡන්ද විමසීමට එක්වූ මන්ත්‍රීවරුන් අතරින් ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් දෙදෙනා සහ ස්වාධීන මන්ත්‍රීවරුන් තිදෙනාද, එ.ජා.ප. මන්ත්‍රී සුසන්ත සිල්වා, එ.ජ.නි ස. මන්ත්‍රීවරුන් වන මහින්ද ජයවර්ධන හා චමින්ද ප්‍රියදර්ශන යන මහත්වරුද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ශ්‍රී ලං.පො.පෙ. මන්ත්‍රී තුවාන් බහාර් අජි, එ.ජ.නි.ස. මන්ත්‍රීවරුන් වන කපිල සමන් හා පී.වික්නීෂ්වරන් යන මහත්වරුන් එම අවස්ථාවේ සභා ගැබේ නොසිටි අතර සෙසු මන්ත්‍රීවරු 29 දෙනා අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 29 ක් සහ විපක්ෂව ඡන්ද 08 ක්ද ලැබීමෙන් හාලිඇල ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වූ වාර්ෂික මුදල් ප්‍රකාශය වැඩි ඡන්ද 21 කින් සභා සම්මත විය.



අදහස් (0)

හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 21 කින් සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site