IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මාතලේ සුදු ගඟ දෙපස වැලි කැණීම් තහනම්

(මහේෂ් කීර්තිරත්න)
 
මාතලේ හරහා ගලා බසින සුදු ගඟේ ඉවුරු ඛාදනය වන පරිදි වැලි ‍කැණීම් සහ මැණික් ගැරීම් සදහා ලබා දී ඇති බලපත්‍ර තාවකාලිකව තහනම් කිරීමට මෙම ප්‍රදේශවල සිදු වන කර්මාන්ත පිළිබදව විමර්ශනයට පත් කළ කමිටුවේ නිර්දේශ අනුව පියවර ගෙන තිබේ.
 
මාතලේ මහ දිසාපති කරුණාසිරි පෙරේරා මහතා විසින් අඹන්ගඟ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් ඩී.ජී. සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ විමර්ශන කමිටුව මගින් මෙම නිර්දේශ ලබා දී තිබේ.
 
මෙම කමිටු වාර්තාව දිසාපතිවරයාට ලබා දීමෙන් අනතුරුව ඉන් ලැබුණු නිර්දේශ අනුව මෙම කටයුතු සිදු කෙරේ.මෙම කමිටු වාර්තාව අනුව සුදුගඟ රක්ෂිත ප්‍රදේශයේ විශාල වශයෙන් යන්ත්‍ර මගින් ගඩොල් සහ මැණික් ගැරීම් නිසා හානි සිදුවන බව කමිටුවේ නිරීක්ෂණවලට ලක් වී තිබේ.
 
උකුවෙල ජල විදුලි බලාගාරයෙන් මුදාහැරෙන ජලය සුදු ගඟ දිගේ බෝවතැන්න ජලාශය දක්වාත් ගලා යන අතර මෙම සුදුගඟ දෙපස සිදුවන පරිසර හානියන් පිළිබදව දිගින් දිගටම අදාළ බලධාරින් දැනුත්වත් කිරීමට පරිසර හා සිවිල් සංවිධාන ක්‍රියා කළේය.සුදු ගඟ රක්ෂිතය මැනුම් ගත කර සිතියම් ගත කිරීමටද තීරණය කර ඇති අතර රක්ෂිතය මිනුම් ගත කිරීමෙන් අනතුරුව අදාළ කර්මාන්ත සදහා දැඩි  කොන්දේසි මත අවසර ලබාදීමටද තීරණය කර ඇති බව කමිටු වාර්තාවේ සදහන් වේ.
 
අඹන්ගගකෝරලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභාව, මහවැලි සංවර්ධන අධීකාරිය, භූ විද්‍යා හා පතල් කාර්යංශය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ඇතුලු රාජ්‍ය ආයතනවල නිලධාරීහු  මෙම කමිටුව නියෝජනය කරති.



අදහස් (1)

මාතලේ සුදු ගඟ දෙපස වැලි කැණීම් තහනම්

Perera Wednesday, 25 November 2020 04:47 AM

ඔය කොන්ත්‍රාත් එකත් අර පාර්ලිමේන්තුවේ ඉන්න පස් මුදලාලිලාට දෙන්න එහෙනම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site