IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හපුතලේ දිසා රෝහල ඉදිරිපිට වර්ජනයක්

(සමන් පාලිත නානායක්කාර )
 
රෝගී වූ බිළිඳෙකු ප්‍රතිකාර සඳහා හපුතලේ දිසා  රෝහලට ඇතුලත් කරගැනීමට නොහැකි වූ නිසා බිළිඳෙකු මිය ගිය බව පවසා ඊට විරෝධය පළ කරමින් මියගිය බිළිඳාගේ ඥාතීහු ඇතුළු පිරිසක් අද( 23 ) දින හපුතලේ දිසා රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
 
 මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හපුතලේ පං කැටිය වත්තේ සිටි  මසක් වයසැති බිළිදෙකි.
 
  රෝගී වූ මසක් වයසැති බිලිඳා ඉකුත් 20 අලුයම හපුතලේ දිසා රෝහලට රැගෙන ආවද රෝහල් පිවිසුම් ස්ථානය වසා රෝගියා භාර ගැනීමට කිසිවෙක් නොසිටීම හේතුවෙන් මෙම බිළිඳු රෝගියා දියතලාව මූලික රෝහලට රැගෙන යන අතරතුර මියගොස් තිබේ.
 
 පසුව අද( 23) දින දරුවා ගේ දේහය හපුතලේ  දිසා රෝහලට රැගෙන විත්  රෝහලේ පිවිසුම් ස්ථානයේ දී එදින සේවය කළ සේවකයාගේ ක්‍රියාකලාපයට විරෝධය පෑහ.
 
පසුව හපුතලේ  පොලිසිය පැමිණ එම තත්ත්වය සමථයකට පත් කළහ.  
මෙම සිද්ධියට වගකිවයුතු රෝහල් කණිෂ්ඨ සේවකයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (0)

හපුතලේ දිසා රෝහල ඉදිරිපිට වර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site