(රංජිත් රාජපක්ෂ)
හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන පාසල් පහක් අද (23) දින ආරම්භ නොකල බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පි.ශ්‍රිදරන් මහතා පැවසිය.
වටවල පොලිස් වසමට අයත් වැලිඔය ප්‍රදේශයේ පිහිටි මලෙයි මගල් දමිල විද්‍යාලය සහ වැලිඔය අග්‍රාඔය දමිල මහා විද්‍යාලය , ගිනිගත්හේන පොලිස් වසමට අයත් හගරපිටිය නිශ්ශංකමල්ල විද්‍යාලය , මාදෙණිය සිංහල විද්‍යාලය , අඹතලාව දෙහිගස්තැන්න විද්‍යාලය යන විද්‍යාලය මෙසේ තාවකාලිකව වසා දැමු බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.
එම පාසල් අවට ගම්මාන කිහිපයකම කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් හමුවි ඇති බවත් , එම අසාදිතයන්ගේ සමිපතයින් විශාල පිරිසක් ස්වයං නිරෝධානට යොමු කර ඇති නිසා එම අවධානම් කලාප වල සිටි එම පාසල් වෙත පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් පාසල් වෙත පැමිණෙන නිසා මෙම පියවර ගත් බවයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.
එම පාසල් වල විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට වෙනත් ප්‍රදේශවල සංචාරය නොකරන ලෙසටද උපදෙස් ලබා දි ඇති බව , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හැටන් අධ්‍යාපන කළාපයේ පාසල් 5ක් අද විවෘත නොකරයි