ජල ගැලුම් නිම්නයේ කුඹුරු ආපසු දෙන්න’යි උද්ඝෝෂණයක ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් මනම්පිටිය සිට යක්කුරේ දක්වා කිලෝ මීටර් 13ක් දිග මාර්ගයක් ලබා දෙන ලෙස සහ අධිකරණ නියෝග මත සන්තකය නැවත පවරාගත් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් කුඹුරු ඉඩම් ආපසු ලබාදෙන ලෙස වනජීවී නිලධාරීන්ට බල කරමින් මහවැලි සී කලාපයට අයත් නුවරගල, සිරිපුර, යක්කුරේ සහ ලංකාපුර යන ප්‍රදේශවල ජනයා අද(30) පොලෙන්නරුව නවනගරයේ පිහිට වනජීවී කලාප කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයෙක නිරතවූහ. 30 November 2020
කන්දකැටිය අය වැය වැඩි ඡන්ද 3කින් පරාදයි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වු අයවැය ලේඛනය සංශෝධන සහිත ඉදිරිපත් කිරීම සහ ඡන්ද විමසීම කන්දකැටිය ප්‍රාදේශීය සභා මහ සභා රැස්වීමේදී පසුගිය 27 වැනිදා සිදුවූ අතර එහිදී වැඩි ඡන්ද 3 කින් අය වැය පරාජය විය. 30 November 2020
ළිඳට වැටුණු අලියා පැය 6 ක මෙහෙයුමකින් ගොඩට ගනී දිඹුලාගල ගල්තලාව ගම්මානයේ ගෙවත්තක වගා ළිදකට අද( 30) වැටි සිටි වනඅලියෙකු වෙහෙරගල වනජිවි නිලධරින් විසින් පැය 6 ක මෙහෙයුමකින් පසු ගොඩට ගෙන දේවගල රක්ෂිතයට මුදා හැරිමට කටයුතු කලහ. 30 November 2020
ට්‍රැමඩෝල් පෙති 11,750 ක් - දුම්වැටිකොල පෙට්ටි 944 ක් හොරෙන් ගෙනෙති මන්නාරම සවරියපුරම් මුහුදු තීරයේදී යාත්‍රා වකින් නීතිවිරෝධීව ප්රඅවාහනය කරමින් තිබූ ට්‍රැමඩෝල් හියිඩ්රොඩක්ලෝරයිඩ් නැමති ඖෂධ පෙති 11,750ක් සහ දුම්වැටි කොල පෙට්ටි 944 ක් සමගින් තවත් භාණ්ඩරැගෙන එමින් සිටියදී ඊයේ (29) දින සැකකරුවන් දෙදෙනෙකුද සමගින් අත්අඩංගුවට ගත් බවට නාවික හමුදා පවසයි. 30 November 2020
මුහුදේ දියනෑ තරුණයින් දෙදෙනෙක් මරුට යාපනය පලාලි සහ කන්කසන්තුරෙයි අතර මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටියදී මුහුදු රැල්ලකට හසුව අතුරුදහන් වූ තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු අද (30) උදෑසන වන විට හමු වූ බවට පලාලි පොලිසිය පවසයි. 30 November 2020
බියර් කන්ටේනරයක් පාර හරහා පෙරලෙයි බලන්ගොඩ රත්නපුර ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ මාදොල ප්‍රදේශයේ දි බියර් බෝතල් ප්‍රවාහනය කරමින් තිබුණු කන්ටේනර් රථයක් මාර්ගයේ එක් මංතීරුවකට අද (30) දා පෙරවරුවේ පෙරලීමෙන් විශාල අලාභහානි සිදුව ඇතැයි පොලිසිය පවසයි. 30 November 2020
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් දෑත් සේදීම ඉවතට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද(30)විවෘත කර තිබුණද, ඇතුළුවන දොරටුවල ඉදිරිපිට දෑත්සේදීම සඳහා යොදා තිබූ සියලු පහසුකම් ඉවත් කර තිබීම නිසා එහි පැමිණ සිටි ගොවීහු, ව්‍යාපාරිකයෝ, වෙළෙන්දෝ සහ පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවයකට පත්ව සිටියහ. 30 November 2020
දකුණේ ලංගම දෛනික ආදායම ලක්ෂ 6කින් ඉහළට පාසල් විවෘත කිරීම හා කාර්යාල සේවකයින් සිය කාර්යාලවලට වාර්තා කිරීමත් සමග දකුණු පළාතේ ලංගමයේ දිනක ආදායම ලක්ෂ 6කින් වැඩි වී ඇති බැව් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලයේ ප්‍රධාන කළමණාකරු ආර්.වී ප්‍රභාත් කුමාර මහතා පවසයි. 30 November 2020
මුහුදේ දිය නාන්න ගිය තරුණයන් දෙදෙනෙකු අතුරුදන් යාපනය, කන්කසන්තුරය ඌරනි මුහුදේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනකු අද (29) අතුරුදහන්ව ඇති බව පලාලි පොලිසිය කියයි. 29 November 2020
කොරෝනා ආසාදිත වු මවක් නීරෝගි දරුවකු බිහි කරයි කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වු වත්තල හැදල පදිංචි ගැබිනි මවක් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදි නිරෝගි දරුවෙකු ප්‍රසුත කර ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණි යු .ඇසින්තා පවසයි. 29 November 2020
මැටි ප්‍රවාහනයට අවසර මැටි කර්මාන්ත කරුවන්ගේ ප්‍රධාන ගැටලුව වන මැටි ප්‍රවාහනය සඳහා මැටි කියුබ් තුනක් ප්‍රවාහනය කිරීමට අවසර ලබාදී ඇතැයි වේවැල් පිත්තල මැටි ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි. 29 November 2020
කටුපොල් වගා තහනම ක්‍රියාත්මක කරන්නැයි උද්ඝෝෂණයක් ජනපති නියෝග කළ කටු පොල් වගා තහනම වහාම ක්‍රියාවට නංවන ලෙස ඉල්ලා අද (29 ) ඇල්පිටිය තල්ගස්වල නගර මධ්‍යයේදි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විණි. 29 November 2020
දඹදෙනිය රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතාවක් දඹදෙනිය මුලික රෝහලේ සියළු කාර්ය මණ්ඩලය අද (29) රාජකාරී කටයුතුවලින් බැහැරවී රෝහල ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවයක නිරතවූහ. 29 November 2020
කොස්තාපල් ටිපරයට යට කළ සැකකරු අත්අඩංගුවට දැදුරු ඔයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ටිපර් රථයකට යටකර ඝාතනය කළ ටිපර් රියදුරු අද (29) නිකවැරටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 29 November 2020
පුත්තලම ළය රෝහලේ විදුලි ජනක යන්ත්‍රයක් නොමැතිකමින් සෙම් පටල විනාශයි විදුලි නොමැති අවස්ථාවලදී ප්‍රයෝජනය සදහා විදුලි ජනක යන්ත්‍රයක් නොමැතිකමින්, පුත්තලම ප්‍රදේශයට විදුලිය නොමැති ඉකුත් දිනවලදී පුත්තලම ළය රෝහලේ රෝගීන්ගෙන් පරීක්ෂා කිරීමට ලබා ගත් ලේ හා සෙම පටල රැසක් විනාශ වී ඇති බව වාර්තා වේ. 29 November 2020
නවතිස්පනේ වන්නියාකන්ද මාර්ගයේ කොටසක් නාය යයි කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හරංගල දකුණ ග්‍රාම නිලධාරි වසමට අයත් නව තිස්පනේ සිට ගලඋඩපතන හරහා හල්ගොල්ල දක්වා දිවෙන මාර්ගයේ, වන්නියාකන්ද මාර්ගයේ ස්ථාන කිහිපයක් නාය යෑමකට ලක්ව තිබේ. 29 November 2020
ස්වයං නිරෝධායනය වෙමින් සිටි කතක් මිය යයි බගවන්තලාව කැම්පියන් වතුයායේ ස්වයං නිරෝධානයට ලක් කර සිටි පවුලක අවුරුදු 69ක කාන්තාවක එම නිවස තුලදිම මිය යාමත් සමග එම මළ සිරුර පී. සී. ආර්. පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇති බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවේල් ගනේස් මහතා පවසයි. 29 November 2020
ආසාධිතයකු පැමිණි වෙළෙඳසල් කිහිපයක් අද වසා දමයි කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයෙකු පිවිසි බගවන්තලාව නගරයේ මත්පැන් සැලක් ,තොග සහ සිල්ලර වෙළෙඳසැලක් අද (28) තාවකාලිකව වසා දමා එම වෙළෙඳසැල්වල සේවකයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරු කටයුතු කළහ. 28 November 2020
නොර්වුඩ් ප්‍රදේශයේ වතු නිවාස පේලියක ගින්නක් නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් නිව්වැලි වත්තේ වතු නිවාස පේලියක අද (27) ගින්නක් හටගෙන ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය. 27 November 2020
බඹරු ඇනීමෙන් සිව් දෙනකු රෝහලේ දෙල්තොට කරගස්කඩ පාසල අසල මාර් ගයේ ගමන් කරමින් සිටි පිරිසකට අද (27) පස්වරුවේ එල්ල වූ බඹරු ඇනීමෙන් තුවාල ලැබූ සිව් දෙනෙකු ප්‍රතිකාර සදහා දෙල්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 27 November 2020
හබරාදුව ප්‍රාදේශීය සභාවේ වර්ජනය අවසන් හබරාදුව ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරිනියට බැණ තර්ජනය කළ එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයා විසින් කාර්මික නිලධාරිනියගෙන් අද (27) සමාව ගත් බව හබරාදුව ප්‍රාදේශීය සභාවේ ලේකම් සුමිලා රත්නවීර මහත්මිය පැවසුවාය. 27 November 2020
යතුරුපැදි අනතුරකින් තරුණයකු මරුට බකමූණ පොලිස් වසමට අයත් ඇලහැර,අතරගල්ලෑව ප්‍රදේශයේදී තරුණයෝ දෙදෙනෙක් ගමන් ගත් යතුරු පැදියක් ගවයෙකුගේ ඇඟේ හැපීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවන 19 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව අද (27) මියගිය බව බකමූණ පොලීසිය කියයි. 27 November 2020
ඇල්ල ප්‍රා. සබේ අයවැය වැඩි ඡන්ද 7 කින් පරදී එක්වරක් පරාජයට පත්ව තිබූ ඇල්ල ප්‍රාදේශීය සභා වේ 2021 වර්ෂයේ අයවැය ලේඛනය ඇල්ල ප්‍රාදේශීය සභා මහ සභා රැස්වීමේදී දෙවන වතාවටද අද (27) වැඩි ඡන්ද හතකින් පරාජය විය. 27 November 2020
හොරොව්පොතාන ප්‍රා. සභාපතිගේ නිල රථයට පහර දෙයි හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට පහරදී සභාපතිවරයාට අයත් නිල රථය ඇතුළු සභාවේ කාර්යයන් සඳහා යොදාගත් තවත් කැබ් රථයකට ද අලාභානි සිදු කර පලා ගිය පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි. 27 November 2020
නිරෝධායනයට ගිය බසයක් අනතුරකට ලක්වෙයි ලෙබනනයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් සුඛෝපභෝගී බස් රථයක් අද උදෑසන (27) කිලිනොච්චිය විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන අතරේ අනතුරට ලක් වීම හේතුවෙන් බස් රථයේ ගමන්ගත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවට පලෙයි පොලීසිය පවසයි. 27 November 2020
හලාවත නගර සභා අය වැය දෙවැනිවර පරාදයි 2021 වසර සදහා හලාවත නගර සභාව විසින් අද ( 27) ඉදිරිපත්කරණ ලද අයවැය යෝජනා දෙවෙනි වරටත් වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. 27 November 2020
දුම්රියේ ගැටී කාන්තාවක් මරුට මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ ඌරවත්ත මහ පාලම අසලදි අද (27 ) උදේ 9.50ට පමණ ගාල්ලේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී කාන්තාවක් මරුමුවට පත්වී ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. 27 November 2020
අට හැවිරිදි මිනිබිරියට අතවර කළ සීයා අත්අඩංගුවට අවුරුදු 8 ක මිනිබිරියට අතවර කළැයි සැකපිට 69 හැවිරිදි සීයා ස්ත්‍රී දූෂණ චෝදනාව යටතේ අද(27) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 27 November 2020
හාරිස්පත්තුව ප්‍රා.සබේ අයවැය පරාදයි හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ 2021 වසර සඳහා වන අයවැය කෙටුම්පත අද( 26 )වනදා වැඩි ඡන්ද හතකින් පරාජයට පත්විය. 26 November 2020
හොරොව්පොතාන ප්‍රා සබේ උණුසුම් තත්ත්වයක් හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වන අයවැය අද(26) ඉදිරිපත් කළ අවස්ථාවේ සභා රැස්වීමේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. 26 November 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026