IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇල්ල ප්‍රා. සබේ අයවැය වැඩි ඡන්ද 7 කින් පරදී

( ඩී.කේ.රත්න)      
                                           
එක්වරක් පරාජයට පත්ව තිබූ ඇල්ල ප්‍රාදේශීය සභා වේ 2021 වර්ෂයේ අයවැය ලේඛනය ඇල්ල  ප්‍රාදේශීය සභා මහ සභා රැස්වීමේදී දෙවන වතාවටද අද (27) වැඩි ඡන්ද හතකින් පරාජය විය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැන් විසි එකකින් සමන්විත ඇල්ල ප්‍රාදේශීය සභාවේ එත්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරැන් හත්දෙනා පමණක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරැන් හත්දෙනා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරන් පස්දෙනාද , ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයාද , ස්වාධීන කණ්ඩායම අංක එක මන්ත්‍රීවරයාද අයවැයට විරැද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති බී.එම්. උදයජීව බංඩාර මහතා විසින් මීට පෙර ඉකුත් 18 වන දින 2021 වර්ෂයේ අයවැය ලේඛනය ඇල්ල ප්‍රාදේශීය සභා මහ සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව පරාජයට පත්වීමෙන් නැවත එම අයවැය සංශෝධනය කර අද (27) සභාවට ඉදිරිපත් කර තිබිණි.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුව මෙම සභාව පිහිටුවා තිබූ අතර සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ .එම්. උදයජීව බංඩාර මහතා ද උප සභාපති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊ.ඩී. පියදාස මහතාද කටයුතු කළහ.



අදහස් (0)

ඇල්ල ප්‍රා. සබේ අයවැය වැඩි ඡන්ද 7 කින් පරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site