(විමුක්ති සංජය පෙරේරා)
කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වු අයවැය ලේඛනය සංශෝධන සහිත ඉදිරිපත් කිරීම සහ ඡන්ද විමසීම කන්දකැටිය ප්‍රාදේශීය සභා මහ සභා රැස්වීමේදී පසුගිය 27 වැනිදා සිදුවූ අතර එහිදී වැඩි ඡන්ද 3 කින් අය වැය පරාජය විය.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගෙන් සමන්විත කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පස් දෙනා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන උප සභාපති එස්.එම් සෙනෙවිරත්න මහතා පමණක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් 07දෙනා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අයවැයට විරැද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා එදින සභා රැස්වීම සඳහා සහභාගී නොවූහ. ඒ අනුව පක්ෂව ඡන්ද 6ක් සහ විරුද්ධව ඡන්ද 9ක් ප්‍රකාශ වූ අතර වැඩි ඡන්ද 3කින් කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වූ අයවැය පරාජය විය.
කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම් කමල් රාජපක්ෂ මහතා විසින් පසුගිය 27 වැනි දින 2021 වර්ෂයේ අයවැය ලේඛනය කන්දකැටිය ප්‍රාදේශීය සභා මහ සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව අය වැය සඳහා විවාදය පැවැති අතර එහිදි සභාපතිවරයා විසින් පසුගිය අවුරුදු කිහිපය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ සංවර්ධන යෝජනා වැඩි කොටසක් ක්‍රියාත්මක නොකිරීම නිසාත් මෙවර අය වැයටද තමන් ඉදිරිපත් කළ සංශෝධන සභාපතිවරයා විසින් බාරගත්තද එවා ලබන වසරේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සභාපතිවරයා කෙරෙහි කිසිම විශ්වාසයක් නොමැති නිසාත් තමන් අය වැයට විරුද්ධ වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු කීහ.
ඡන්දය විමසීමේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා අයවැයට විරුද්ධව ඡන්දය දුන් සියළු දෙනාට දින 07ක් තුළ තමන් විරුද්ධ වීමට හේතුව සඳහන් කර ලිඛිත ප්‍රකාශයක් පළාත් ආණ්ඩුකාරවරයාටත්, එහි පිටපතක් තමන් වෙතත් ලබාදෙන මෙන් කන්දකැටිය ප්‍රාදේශීය සභා ලේකම් එස්.එම් ෆාරුක් මහතා දැනුම් දුන්නේය.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කන්දකැටිය අය වැය වැඩි ඡන්ද 3කින් පරාදයි