
(හැටන් රංජිත් රාජපක්ෂ)
කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයෙකු පිවිසි බගවන්තලාව නගරයේ මත්පැන් සැලක් ,තොග සහ සිල්ලර වෙළෙඳසැලක් අද (28) තාවකාලිකව වසා දමා එම වෙළෙඳසැල්වල සේවකයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරු කටයුතු කළහ.
බම්බලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කර ඇති අසාදිතයා 42 හැවිරිදි සිවු දරු පියෙක් වන අතර අසාදිතයා දීපාවලි උත්සවයෙන් පසුව (16) දින ලංගම බස් රථයකින් බගවන්තලාව නගරය වෙත පැමිණ මත්පැන් ශාලාවකට ගොස් මත්පැන් පානය කර වසා දැමුණු වෙළෙඳසැල් දෙකෙන් නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගෙන ඔහු පදිංචි බගවන්තලාව ලින්ස්ටඩ් වතුයායේ පිහිටි තම නිවසට ගොස් ඇත.
බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් සිවු දරු පියා සහ පවුලේ සමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කර 26 වැනිදා සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව සිවු දරු පියාට කොවිඩ් 19 වයිරසය අසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
අසාදිතයා හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කටයුතු කළහ.


2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආසාධිතයකු පැමිණි වෙළෙඳසල් කිහිපයක් අද වසා දමයි