IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හබරාදුව ප්‍රාදේශීය සභාවේ වර්ජනය අවසන්

(සුමතිපාල දීයගහගේ සහ ඩී.ජි. සුගතපාල)
 
හබරාදුව ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරිනියට බැණ තර්ජනය කළ එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයා විසින් කාර්මික නිලධාරිනියගෙන් අද (27) සමාව ගත් බව හබරාදුව ප්‍රාදේශීය සභාවේ ලේකම් සුමිලා රත්නවීර මහත්මිය 
පැවසුවාය.

එමෙන්ම මෙම සිද්ධිය පිළිබද හබරාදුව පොලිසියට කර තිබු පැමිණිල්ලේ විභාගයේදී දෙපාර්ශයම සමථයකට පත්වු බවද රත්නවීර මහත්මිය සදහන් කළාය.

එම නිසා ඊයේ (26) සිට ක්‍රියාත්මක කර තිබු සේවක වැඩ වර්ජනය අවසන් කර සියලුම සේවකයින් අද (27) සිට 
රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ.

කොග්ගල ප්‍රදේශයේ කොන්ක්‍රිට් කරන ලද මාර්ගයකට අදාල කොන්ත්‍රාත්තුවේ චෙක්පත ප්‍රමාද කරන බවට චෝදනා
කරමින් ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයෙකු එම ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරිනියට බැණ තර්ජනය කිරිමට විරෝධය පල කිරිම සදහා  සියලුම සේවකයින් ඊයේ (26) අසනිප නිවාඩු දමා සේවයට පැමිණිමෙන් වැලකි සිටියහ.

මේ අතර අද දිනයේද සියලුම නිලධාරින් සහ සේවකයින් පොත අත්සන් කොට රාජකාරි කටයුතුවලින් බැහැරව සිටියහ. එහිදි ඔවුන් ‍කියා සිටියේ මේ පිළිබද සාධාරනය ඉටු නොකළහොත් නොකඩවා රාජකාරි කටයුතුවලින් බැහැරව සිටින බවය.ඒ අනුව මෙම සිද්ධියට මැදිහත්වූ හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා සහ 
පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ගේ ඉල්ලිම පරිදි සිද්ධියට සම්බන්ධ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා සභා කාර්යාලයට පැමිණ කාර්මික නිලධාරිවරියගෙන් සමාව ගැනිමෙන් පසුව සේවක වර්ජනය අවසන් විය.

ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා කාර්මික නිලධාරිනියට බැණ තර්ජනය කිරිමට විරෝධය පල කරමින් ප්‍රාදේශිය සභාවේ ලේකම්වරිය ඇතුලු නිලධාරින් හා සේවකයින්ද අහංගම උපකාර්යාලයේ නිලධාරීන් ඇතුලු සේවකයින්ද. ප්‍රාදේශීය සභාවේ මාර්ග‍ විදුලි සෞඛ්‍ය  පුස්තකාල සහ අයුර්වේද යන අංශවල සේවක සේවිකාවන් 125 දෙනෙක් පමණ මෙම වැඩ වර්ජනයට එක්ව සිටියහ. 



අදහස් (0)

හබරාදුව ප්‍රාදේශීය සභාවේ වර්ජනය අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site