කුණාටුවට සිරවී සිටින පවුල් 88 කට වියළි ආහාර ගෙන යති බුරවි සුළිකුණාටු තත්වය හේතුවෙන් කිලිනොච්චිය ,ඉරණතිව් දූපතේ සිරවී සිටින පවුල් 88 සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ හා වියළි ආහාර රැගෙනයාම අද(04) නාවික හමුදාව විසින් සිදුකළේය. 04 December 2020
කොරෝනා ආසාදිතයින් ගෙන ගිය බස් රියක් අනතුරක හොරණ ප්‍රදේශයේ සිට පුනානී කොවිඞ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත කෙරෝනා රෝගීන් 23 දෙනෙකු රැගෙන එමින් තිබූ බස්රථයක් අද(04)උදේ වැලිකන්ද අසේලපුර ප්‍රදේශයේදී කල්මුනේ සිට කදුරුවෙල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයෙක ගැටීම නිසා අනතුරකට ලක්වී ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි. 04 December 2020
‘බුරවි’ කුණාටුවට හසුවූ ධීවරයාගේ සිරුර හමු වෙයි යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේදී මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයාගේ මළසිරුර දින තුනකට පසුව හමු වී ඇති බවට යාපනය පොලීසිය පවසයි. 04 December 2020
යාපනයේ පවුල් 8,374ක් පීඩාවට වැසි සහිත කාලගුණික තත්වය හමුවේ යාපනය දිස්ති‍්‍රක්කයේ පවුල් 8,374 කට අයත් පුද්ගලයින් 28,457 දෙනකු පීඩාවට පත්ව ඇති බව යාපනය දිස්ති‍්‍රක් ලේකම් ගනපතිපිල්ලේ මහේසන් මහතා පැවසීය. 04 December 2020
මද්දකට හසුවි සිටි දිවියෙකු බේරා ගනී අරණායක කලුගල ප්‍රදේශයේ වනයක මද්දකට හසුවී සිටි දිවියෙකු බේරාගැනීමට වනජීවි නිලධාරින් සහ අරණායක පොලිසිය අද (03) සවස කටයුතු කළේය. 04 December 2020
රිය අනතුරකින් අලි පැටවෙක් මියයයි හම්බන්තොට නව රෝහල ඉදිරිපිටදී ටිපර් රථයක ගැටීමෙන් අලි පැටවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට වනජීවී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. 03 December 2020
උණ්ඩ 84 ක් සමඟ හිටපු පොලිස් නිලධාරියෙක් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට බෝර දොළහ වර්ගයේ ගිනි අවිවලට දමන උණ්ඩ 84 ක් සමග හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුලු දෙදෙනෙක් අද (3) රාත්රියේදී අහුන්ගල්ල කටුවිලදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි. 03 December 2020
ගසක් කඩාවැටී සිදු වු අනතුරින් යතුරුපැදිකරු මරුට පොලොන්නරුව වැවේතැන්න ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූයතුරු පැදියක් මතට ගසක අත්තක් කඩා වැටීම නිසා සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව මරුමුවට පත්වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 03 December 2020
මාවනැල්ලේ තේ කම්හලක කසළ තේ කිලෝ ලක්ෂ 3 ක් මාවනැල්ල ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක ගබඩා දෙකක් වටලා මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් සහ එහි කළමනාකරුවන් දෙදෙනෙකු අද (03) මාවනැල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 03 December 2020
’බුරවි’ සුළි සුළඟින් ත්‍රිකුණාමලයේ නිවාස 65 කට හානි වැසි හා තද සුළ තත්වයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නිවාස 65කට හානි සිදුවී ඇති අතර ඉන් පදවි ශ්‍රී පුර පිහිටි නිවාස 12ක් ජලයෙන් යට වී ඇතැයි දිසාපති සමන් දර්ශන පාඩිකෝරාල මහතා පැවසීය. 03 December 2020
හොරණ මූලික රෝහලේ සෞඛ්‍ය සේවකයින් උද්ඝෝෂණයක හොරණ මූලික රෝහලේ කනිෂ්ට කාර්ය මණ්ඩල පුරප්පාඩු වහාම සම්පුර්ණ කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලා අද (03) දා දහවල් හොරණ මූලික රෝහලේ සේවකයින් පිරිසක් එම රෝහල් පරිශ්‍රය ඉදිරිපිට ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටියහ. 03 December 2020
තංගල්ල මූලික රෝහල් සේවකයෝ විරෝධතාවක ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් තංගල්ල මූලික රෝහලේ සේවකයන් පිරිසක් තංගල්ල මූලික රෝහල ඉදිරිපිටදී අද(3) දහවල් නිහඩ විරෝධතාවක නිරත වූහ. 03 December 2020
ඒ - 5 මාර්ගයට පස්කදු කඩා වැටෙයි ඌව පළාතට මේ දින වල සවස් කාලයේ පවතින අධික වර්ෂාවත් සමග බදුල්ල - බිබිල A 5 මාර්ගයට ගල් හා පස් කදු කඩා වැටී නිතර අවහිර වෙමින් තිබෙන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඊ.එම්. උදයකුමාර මහතා පැවසීය. 03 December 2020
ඌවේ උපාධිධරයෝ රැකියා ඉල්ලා විරෝධයක ඌව පළාතේ රාජ්‍ය ආයතන වලට අභ්‍යාසලාභීන් ලෙස බදවාගත් උපාධිධාරී තරුණ තරැණියන්ගේ සේවය ස්ථිර කර දෙන්නැයි ඉල්ලමින් ඌව පළාත් සභාව ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවයක් අද (3 ) පැවැත්විණි. 03 December 2020
වත්තලට පැය 18 ක් වතුර කපයි වත්තල ප්‍රදේශයේ ජල සමිපාදන ක්රමයේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් වත්තල ප්‍රදේශයේ කොටාඨාස කිපයකට ජල සැපයුම අද දින (03) පෙරවරු 10-00 සිට හෙට දින(04) අලුයම 4-00 දක්වා පැය 18 ක් අත්හිටු වීමට නියමිතව ඇති බව ජාතික ජල සමිපාදන හා ජලාපවාහන මණ්ඩලයේ වැලිසර උප කාර්යාලය පවසයි. 03 December 2020
බිරිඳ ඝාතනය කර සැමියා දිවි නසාගනී මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ නිවසක් තුල දී තියුණු ආයුධයකින් කපා තම බිරිඳ ඝාතනය කර සැමියා ගෙල වැලලාගෙන මිය ගොස් තිබියදී අද (03)අලුයම සිරුරු සොයා ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 03 December 2020
බගවන්තලාව ලින්ස්ටඩ් වත්තේ කොටසක් හුදකලා කරයි බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව ලින්ස්ටඩ් වත්ත පහල කොටසින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 6 දෙනෙකු හමුවිමත් සමග එම වත්තේ කොටසක් හුදකලා කල බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසූහ. 02 December 2020
පොළොන්නරුව මහ නගරසභාවේ අය වැය සම්මතයි පොලොන්නරුව මහ නගර සභාවේ 2021 වර්ෂය සඳහා වන අයවැය අද(02) ඒකමතිකව සම්මත විය. 02 December 2020
මොරගහවැව ජල ටැංකියට නැගි දරුවන්ගේ දුක දැක බලධාරිහු එති නවගත්තේගම මොරගහවැව ගම්මානයේ දරුවන් වෙනුවෙන් සන්නිවේදන පහසුකම් ලබා දිමට විදුලි සංදේශන නියාමක කොමිසමේ මැදිහත් විමෙන් දුරකථන ආයතන කිපයක් මැදිහත් වි තිබේ . 02 December 2020
වන අලියෙකු පහරදීමෙන් අඹු සැමියන් මරුට මැදිරිගිරිය, ඇටඹඔය ප්‍රදේශයේදී යතුරු පැදියෙක ගමන් ගනිමින් සිටි අඹු සැමියන් වන අලියෙකු පහර දීමෙන් මරුමුවට පත්වී ඇතැයි මැදිරිගිරිය පොලීසිය කියයි. 01 December 2020
ගාල්ලේ පළමු නියෝජ්‍ය නගරාධිපතිනිය මියයයි ගාල්ල මහ නගර සභා ඉතිහාසයේ ප්‍රථම නාගරික මන්ත්‍රීවරිය හා නියෝජ්‍ය නගරාධිපතිනිය වූ එන්.ඩී.විජේනායක (සීතා) මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 01 December 2020
බදුල්ල මහා නගරසභාවේ අය වැය පරදී බදුල්ල මහා නගර සභාවේ 2021 වර්ෂය සදහා වන අය වැය වැඩි ඡන්ද 9 කින් පරාජයට පත්විය. 01 December 2020
පිළිස්සී මිය ගිය කාන්තාවකගේ සිරුරක් සොයාගනී කරන්දෙණිය අඹගහහන්දිය ගලගොඩාත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ අභිරහස් අයුරින් පිළිස්සී මියගිය කාන්තාවකගේ සිරුර අද (1) සොයා ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි. 01 December 2020
බගවන්තලාවේ පවුල් 32 ක් - සිසුවියන් 11 ක් නිරෝධායනයට බගවන්තලාවේ මීට පෙර ආසාදිත අයකුගේ පවුලේ පස් දෙනෙකුට සහ ආසාදිතයා පිවිසි වෙලදසැලේ හිමිකරු ඇතුළු හය දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් එම අසාදිතයන්ගේ ආශ්රිත පවුල් 32 ක් සහ පාසල් සිසු සිසුවියන් 11 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර තිබේ. 01 December 2020
ගලපිටගල නිධන් හෑරු කතක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගලෙන්බිඳුනුවැව පොලිස් වසමට අයත් ගලපිටගල ප්‍රදේශයේ නිවසක් පිටුපස නිධන් හාරමින් සිටි කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනකු අද(01) උදෑසන අත්අඩංගුවට ගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි. 01 December 2020
ගාල්ල අධිකරණයට නඩුවට ආ කතකටත් කොරෝනා ගාල්ල අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදි ඊයේ (30) සිදු කරන පි.සී.ආර්.පරික්ෂණයේදි නඩු කටයුත්තකට පැමිණි සිටි කාන්තාවකට කෙරෝනා ආසාදනයවි ඇති බවට අද(01) තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් පවසයි. 01 December 2020
අඟුණකොළපැලැස්සේ රැඳවියෝ විරෝධතාව අත්හරිති අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් ආරම්භ කළ විරෝධතාව අවසන් කර අද(1) පෙරවරුවේ සිරමැදිරියේ වහලයෙන් බැස ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 01 December 2020
තිදෙනෙකු ගමන්ගත් යතුරු පැදිය ටිපර් රථයේ ගැටී 2ක් මරුට පොළොන්නරුව,කදුරුවෙල නගරයේදී අද(01) අලුයම තරුණයන් තිදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් ටිපර් රථයෙක ගැටීම නිසා සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු මරුමුවට පත්වී ඇතැයි පොළොන්නරුව පොලීසිය කියයි. 01 December 2020
රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට රන්න බස් නැවතුම් පොළේදී අද (30) සවස බස්රථයක හැපීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි හුංගම පොලිසිය පවසයි. 30 November 2020
පුත්තලමේ මූල්‍ය ආයතනයකට එරෙහිව විරෝධතා පුද්ගලික බැංකුවකින් තමන්ට ණය ලබා දෙන බව පවසමින් ලබා ගත් මුදල් ආපසු ලබා දෙන ලෙස ඉල්ලා කාන්තාවන් පිරිසක් පුත්තලම නගරයේ පුද්ගලික ශුද්ධ මූල්‍ය ණය ලබා දෙන බැංකුවක වහලයට නැගි විරෝධතාවයක් අද ( 30 ) නිරත වුහ 30 November 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025