
(අනීෂා මානගේ)
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් ආරම්භ කළ විරෝධතාව අවසන් කර අද(1) පෙරවරුවේ සිරමැදිරියේ වහලයෙන් බැස ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෝ 15 දෙනෙක් “ඒ” සහ“සී” සිරමැදිරිවල වහලය මතට නැඟ පසුගිය 23 වැනිදා විරෝධතාවක් ආරම්භ කළහ.අභියාචනාධිකරණ නඩු කටයුතු ක්‍රියාත්මක කිරීම,සිවුවස් සමාලෝචනය ක්‍රියාත්මක කරන ලෙස සහ ඇප ලබා දීමසිදුකරන ලෙස ඉල්ලමින් මෙම රැඳවියෝ විරෝධතාවයේ නිරත වූහ.
කෙසේ වුවද “සී” සිරමැදිරියේ වහලය මත සිටි රැඳවියන් 10දෙනා ඉකුත් 26 වැනිදා පස්වරුවේ විරෝධතාව අත්හැර වහලයෙන් බැස තිබූ අතර අනෙක් රැඳවියෝ 5දෙනා පමණක් ඊයේ(30) දින වන විට අටවැනි දිනටත් විරෝධතාවයේ නිරත වෙමින් සිටියහ. එම රැඳවියන් 5දෙනාද අද(1) පෙරවරු කාලයේ සිරමැදිරියේ වහලයෙන් බැස තිබූ බව බන්ධනාගාර නිලධාරිහු පැවසූහ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අඟුණකොළපැලැස්සේ රැඳවියෝ විරෝධතාව අත්හරිති