
(ක.ග. කරුණාරත්න)
මැදිරිගිරිය, ඇටඹඔය ප්‍රදේශයේදී යතුරු පැදියෙක ගමන් ගනිමින් සිටි අඹු සැමියන් වන අලියෙකු පහර දීමෙන් මරුමුවට පත්වී ඇතැයි මැදිරිගිරිය පොලීසිය කියයි.
එම අනතුරින් මියගොස් ඇත්තේ මැදිරිගිරිය, මහඅඹගස්වැව, යාය 08, අංක 11 ලිපිනයේ පදිංචි සිටි එච්.බී.ඒ. චමින්ද උදයකුමාර (44) සහ ඩබ්ලිව්.ජී. සංජීවනී (43) යන දෙදෙනාය.
මොවුන් දෙදෙනා මැදිරිගිරිය කන්තලේ මාර්ගයේ පේරමඩුව ප්‍රදේශයේ පිහිටි කුඹුරක ගොවිතැන් කටයුතු කර ආපසු සිය නිවෙස බලා එමින් සිටියදී රාත්‍රී 7-00ට පමණ, වන අලියාගේ පහරකෑමට ලක්ව තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔවුන්ගේ මළසිරුරු මේ වනවිට මැදිරිගිරිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයිද පොලීසිය සඳහන් කලේය. මැදිරිගිරිය පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වන අලියෙකු පහරදීමෙන් අඹු සැමියන් මරුට