
(ක.ග. කරුණාරත්න)
මැදිරිගිරිය, ඇටඹඔය ප්‍රදේශයේදී යතුරු පැදියෙක ගමන් ගනිමින් සිටි අඹු සැමියන් වන අලියෙකු පහර දීමෙන් මරුමුවට පත්වී ඇතැයි මැදිරිගිරිය පොලීසිය කියයි.
එම අනතුරින් මියගොස් ඇත්තේ මැදිරිගිරිය, මහඅඹගස්වැව, යාය 08, අංක 11 ලිපිනයේ පදිංචි සිටි එච්.බී.ඒ. චමින්ද උදයකුමාර (44) සහ ඩබ්ලිව්.ජී. සංජීවනී (43) යන දෙදෙනාය.
මොවුන් දෙදෙනා මැදිරිගිරිය කන්තලේ මාර්ගයේ පේරමඩුව ප්‍රදේශයේ පිහිටි කුඹුරක ගොවිතැන් කටයුතු කර ආපසු සිය නිවෙස බලා එමින් සිටියදී රාත්‍රී 7-00ට පමණ, වන අලියාගේ පහරකෑමට ලක්ව තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔවුන්ගේ මළසිරුරු මේ වනවිට මැදිරිගිරිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයිද පොලීසිය සඳහන් කලේය. මැදිරිගිරිය පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd