IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මාවනැල්ලේ තේ කම්හලක කසළ තේ කිලෝ ලක්ෂ 3 ක්

(බණ්ඩාර ජයරත්න සහ ප‍්‍රදීප් කුමාර ධර්මරත්න)
 
මාවනැල්ල ප‍්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක ගබඩා දෙකක් වටලා මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ ලක්ෂ තුනකට අධික ප‍්‍රමාණයක් සහ එහි කළමනාකරුවන් දෙදෙනෙකු අද (03) මාවනැල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
 

අදාල ගබඩාදෙක මුද්‍රාතැබීමට පොලිසිය පියවරගෙන ඇත.
 
මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස්පරික්ෂක අසේල කේ හේරත් මහතාට ලද තොරතුරක් මත කල මෙම වැටලීම සඳහා කෑගල්ල කෑගල්ල පොලිස් අධිකාරි ලක්දාස අබේඅරත්න මහතා සහ කෑගල්ල කොට්ඨාෂ අපරාධ අංශයේ නිලධාරීහු ද සහභාගිවූහ.
 
කාලක් තිස්සේ මහාපරිමාණයෙන් පවත්වාගෙන ගියැයි කින මෙම කසළ තේ කර්මාන්ත ශාලාවෙන් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට තේ බෙදාහැර ඇතැයිද අනාවරණය වී ඇත.
 
පොලිස් නිලධාරින් විසින් කර්මාන්තශාලාවේ එක් ගබඩාවක් පරීක්ෂා කිරීමේදි එම ගබඩාවේ ගබඩාකොට තිබු මිනිස් පරිභෝජනයට නුසුදු කසළ තේ කිලෝ ලක්ෂයකට අධික ප‍්‍රමාණයක්ද අනික් ගබඩාවේ තිබි ලක්ෂ දෙකකට අධික කසළ තේ ප‍්‍රමාණයක්ද සොයාගැනීමට හැකිව තිබේ.
 
මෙම කසල තේ කවරවල බහා ගොඩවල් වශයෙන් ගබඩාශාලාවේ ස්ථාන කිහිපයක අසුරා තිබු අතර ප‍්‍රවාහනය කිරීම සඳහා තවත් ස්ථානයක විශාල ප‍්‍රමාණයක් අසුරා තිබුනි.
 
මෙම කසල තේ ජාවාරම පිළිබඳ එහි කළමනාකරුවන් දෙදෙනෙකුගෙන් ප‍්‍රශ්නකොට ප‍්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු, ලංකා තේ මණ්ඩලයේ නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේද සහායෙන් අත්අඩංගුවට ගනුලැබු කසල තේ කුඩුතොගයෙන් සාම්පල ලබාගැනිණි.
 

කර්මාන්ත ශාලාවේ කළමනාකරුවන් දෙදෙනෙකු ද සැක පිට අත්අඩංගුවටගෙන ඇත.

 



අදහස් (0)

මාවනැල්ලේ තේ කම්හලක කසළ තේ කිලෝ ලක්ෂ 3 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site